බැංකු නොවන මූල්‍ය අංශයේ ක්ෂුද්‍ර ණය යොමුව අවදානම් බව ෆිච් කියයි

    April, 4, 2016

    ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය අංශයේ සමාගම්වල ක්ෂුද්‍රණය දීම් අවදානම් තත්ත්වයකට පත්විය හැකි බව ෆිච් රේටිංග්ස් නිවේදනය කර සිටී. 2014 මාර්තු වන විට 4% ක්ව පැවති මෙම අංශයේ ණය දීම් 2015 දෙසැම්බර් වන විට 27% දක්වා වර්ධනය වී තිබෙන බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

    මේ අතර බැංකු නොවන මූල්‍ය ආයතනවල ණයදීම්වලින් 30% ක් පමණ ක්ෂුද්‍ර මූල්‍ය ණයදීම් වෙනුවෙන් දී ඇති අතර ලැයිස්තුගත බැංකු නොවන මූල්‍ය සමාගම් 10 ක් ඇසුරින් කරන ලද අධ්‍යයනයක දී මේ බව හෙළි වී ඇත.

    අඩු ආදායම් ලබන හා විධිමත් මූල්‍යසේවා ලබාගැනීමේ සීමාකම් ඇති පුද්ගලයින් මෙයාකාරයෙන් ණය ලබාගැනීම් සඳහා යොමුවීමත්, ඒවා නොගෙවා සිටීමට වැඩිඉඩකඩක් තිබීමත් මේ අංශයේ ඇති අවදානම් තත්ත්වයට හේතූන් ලෙසින් සඳහන් වේ.