April, 4, 2016
ලොවපුරා රටවල ගමන් බලපත්‍ර ඇසුරින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ARTON CAPITAL විසින් එළිදක්වන ලද වාර්තාවක් පසුගියදා නිකුත් කෙරුණු අතර ඉන් කියැවුණේ එක් එක් රටවල ගමන් බලපත්‍ර කොතරම් බලසම්පන්න ද යන්නයි.
පූර්ව වීසා ලබාගැනීමකින් තොරව හෝ පැමිණීමේ දී (On Arrival) වීසා ලබාගැනීමේ හැකියාව මත මෙම වර්ගීකරණය සිදුකර තිබිණි.
එම වාර්තාවට අනුව ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර හිමියෙකුට රටවල් 47 කට කිසිදු අපහසුවකින් තොරව යා හැකි බව වාර්තා කර තිබිණි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදාළ ආයතනයෙන් අද දෙරණ Biz කළ විමසීමක දී ARTON CAPITAL හි සන්නිවේදන කළමනාකාර ජෝර්ජියා ටේලර් ප්‍රතිචාර දක්වමින් සඳහන් කර සිටියේ මේ වන විට තම ආයතනය අදාළ විෂය පිළිබඳව තොරතුරු එළිදක්වන www.passportindex.org වෙබ් අඩවියට අදාළ රටවල ලැයිස්තුව ඇතුළත් කර තිබෙන බවයි.
එම වාර්තාවට අනුව සෘජුවම කිසිදු අපහසුවකින් තොරව ඇතුළත් විය හැකි රටවල් සංඛ්‍යාව 38 ක් ලෙසින් සටහන් විය. පහත දැක්වෙන්නේ එම රටවල් 38 යි.
1 Bahamas visa free
2 Barbados visa free
3 Bolivia visa on arrival
4 Burundi visa on arrival
5 Cambodia visa on arrival
6 Cape Verde visa on arrival
7 Comoros visa on arrival
8 Djibouti visa on arrival
9 Dominica visa free
10 Ecuador visa free
11 Gambia visa free
12 Grenada visa free
13 Guinea-Bissau visa on arrival
14 Haiti visa free
15 Iran visa free
16 Kenya visa on arrival
17 Lesotho visa free
18 Madagascar visa on arrival
19 Malawi visa on arrival
20 Maldives visa on arrival
21 Mauritania visa on arrival
22 Micronesia visa free
23 Mozambique visa on arrival
24 Nepal visa on arrival
25 Nicaragua visa on arrival
26 Palau visa on arrival
27 Palestinian Territories visa on arrival
28 Saint Kitts and Nevis visa free
29 Samoa visa on arrival
30 Senegal visa on arrival
31 Seychelles visa on arrival
32 Singapore visa free
33 St. Vincent and the Grenadines visa free
34 Timor-Leste visa on arrival
35 Togo visa on arrival
36 Tuvalu visa on arrival
37 Uganda visa on arrival
38 Vanuatu visa free
මේ අතර DoYouNeedVisa.com වෙබ් අඩවිය මගින් ද ඉහත ලැයිස්තුවට අමතරව ශ්‍රී ලංකා ගමන් බලපත්‍රහිමියන්ට පූර්ව වීසා ලබාගැනීමකින් තොරව යා හැකි රටවල් කිහිපයක් අනාවරණය කර තිබිණි. පහත දැක්වෙන්නේ එම රටවල් හි ලේඛනයයි.
39. Anguilla
40. British Virgin Islands
41. Cook Islands
42. Guyana
43. Montserrat
44. Niue
45. Nauru
46. Turks and Caicos Islands
මීට අමතරව බංග්ලාදේශය ට යාමේදී පූර්ව වීසා ලබා ගැනීමකින් තොරව ගමන් කළ හැකි බව අදාළ වාර්තාවෙහි සඳහන් වූ අතර ඒ සඳහා සපුරාලිය යුතු අවශ්‍යතාවයන් දැක්වුණේ පහත පරිදිය.
“Visa is not required for those traveling on business can obtain a visa on arrival, provided holding a letter of invitation issued by an accredited organization in Bangladesh.“
Video Story