ජෙට්වින් ජැෆ්නා ජනපති අතින් විවෘත වෙයි

    April, 4, 2016

    ජෙට්වින් සමූහයේ නවතම හෝටල් සංකීරණය ඊයේ (03) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින යාපනය නගර මධ්‍යයේ දී විවෘත විය.

    කාමර 55 කින් යුතු මෙම හෝටලය අති නවීන පහසුකම් රැසකින් සමන්විත වේ.

    මෙම හෝටලය පිහිටි ඉඩම සම්පත් බැංකුවේ හිටපු සභාපති අභාවප්‍රාප්ත එම්.යූ. ජයවර්ධන මහතාට අයත් එකක් වන අතර ඒ මහතා ගේ නමින් මෙම හෝටලයේ කාමරයක් වෙන් කර තිබීම ද විශේෂත්වයකි.

    අමාත්‍ය ජෝන් අමරතුංග, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන, විජයකලා මහේෂ්වරන්, පාර්ලිමේන්තු මන්තී්‍ර අංගජන් රාමනාදන් යන මහත්ම මහත්මීන් ද, ජෙට්වින් හෝටල් සමූහයේ සභාපති හිරාන් කුරේ මහතා ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.