අවම මහජන පංගුව පිළිබඳ විවෘත සාකච්ඡාවක් හෙට

    April, 5, 2016

    ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම හා කොළඹ කොටස් වෙළෙඳපොළ එක්ව, ලැයිස්තුගත සමාගම්වල අවම මහජන පංගුව පිළිබඳ සාකච්ඡාවක් හෙට (06) දිනයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම හමුව හෙට පස්වරු 2 සිට 4.30 දක්වා කොළඹ සිනමන් ලේක් හෝටලයේ දී පැවැත්වේ.

    මේ සඳහා සහභාගී වන ලෙස ලැයිස්තුගත සමාගම්වල සභාපති, ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් හට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම ආරාධනය කර සිටී.