දශ ලක්ෂ 20,000 ක භාණ්ඩාගාර බිල් වෙන්දේසියක් අද

    April, 6, 2016

    අද දින (06) රුපියල් දශ ලක්ෂ 20,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පවත්වනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී.

    මෙහිදී දින 91හා 182 පරිණත කාලයන් යටතේ රුපියල් මිලියන 6,000 බැගින් සහ දින 364 පරිණත කාලය යටතේ රුපියල් මිලියන 8,000 ක බිල්පත් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරනු ලැබේ.

    මේ සඳහා රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවා ඇත.