කැල්ටෙක්ස් කොටස් දෙකට කැඩෙයි

    April, 26, 2016

    ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී හි නිකුත් කළ කොටස් ප්‍රමාණය දෙගුණ කිරීමට සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ.

    මේ අනුව සමාගමේ නිකුත් කළ කොටස් ප්‍රමාණය වූ කොටස් මිලියන 120, කොටස් මිලියන 240 ක් දක්වා දෙගුණ වනු ඇත. දැනට පවතින සමාගමේ සාමාන්‍ය කොටසක් සාමාන්‍ය කොටස් දෙකක් බවට මෙහිදී විභජනය වීමට නියමිතය.

    මෙහිදී සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙහි කිසිදු වෙනසක් සිදු නොවන අතර මහා සභා රැස්වීමේ දී කොටස් හිමියන්ගෙන් මේ සඳහා අනුමැතිය ලබා ගැනීමට සමාගම බලාපොරොත්තු වේ.

    Video Story

    Stock Market

    Exchange Rates