මිලියන 24,000 ක බැඳුම්කර නිකුතුවක්

    April, 26, 2016

    රුපියල් මිලියන 24,000 ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් අප්‍රේල් 28 වන දින පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී.

    2018, 2020 හා 2022 වසරවල දී කල්පිරෙන පරිද්දෙන් කාණ්ඩ 3 ක් යටතේ සිදුකරනු ලබන මෙම බැඳුම්කර වෙන්දේසිය සඳහා එක් කාණ්ඩයකට රුපියල් මිලියන 8,000 බැගින් බැඳුම්කර ඉදිරිපත් කිරීමට නියමිතය.

    මෙහිදී වැඩිදුරටත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ණය දෙපාර්තමේන්තුව කියා සිටින්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලැබ ඇති විද්‍යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණක් ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලබන බවයි.

    වෙළෙඳපොළ තත්ත්වයන් මත ඉදිරිපත් කළ ප්‍රමාණයට වඩා වැඩි හෝ අඩු ප්‍රමාණයෙන් ලංසු පිළිගනු ලැබිය හැකි බව මහ බැංකුව වැඩිදුරටත් මෙහිදී කියා සිටී.

    Video Story

    Stock Market

    Exchange Rates