16 වන ලෝක අපනයන සංවර්ධන සමුළුවට ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය

    April, 26, 2016

    16 වන ලෝක අපනයන සංවර්ධන සමුළුව 'සාර්ථකත්වය සඳහා වෙළඳාම: සම්බන්ධ වීම, තරග කිරීම, වෙනස් වීම' යන තේමාව යටතේ 2016 ඔක්තෝබර් මස 12 සහ 13 යන දෙදින තුළ කොළඹදී පැවැත්වීමට යෝජනා වී ඇත. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හා ලෝක වෙළඳ සංවිධානයේ (WTO) නියෝජිතායතනයක් වන ජාත්‍යන්තර වෙළෙඳ කේන්ද්‍රය (ITC) ඒකාබද්ධව මෙම සමුළුව සංවිධානය කරනු ලබයි.

    ජාත්‍යන්තර වෙළඳ කේන්ද්‍රයේ මූල්‍ය දායකත්වයද සහිතව 2016 ලෝක අපනයන සංවර්ධන සමුළුවෙහි සත්කාරකත්වය ශ්‍රී ලංකාව විසින් දැරීම සඳහා ජාත්‍යන්තර වෙළෙඳ කේන්ද්‍රය සහ ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට මේ අනුව කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    Video Story

    Stock Market

    Exchange Rates