මුදල් ප්‍රතිපත්තිය ස්ථාවරයි – මහ බැංකු අධිපති කියයි

    April, 27, 2016

    දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් එලෙසින්ම පවත්වා ගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇති බව මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා පැවසීය. ඊයේ (26) සන්ධ්‍යාවේ මහ බැංකු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවක දී මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය.

    මේ අනුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 7.50%, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 6.50% සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 8.00% ක් වන පරිද්දෙන් මුදල් ප්‍රතිපත්තිය ස්ථාවර වනු ඇත.

    ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය සහ ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීම වැනි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග තුළින් මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව දැනටමත් ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, එම ක්‍රියාමාර්ගවල බලපෑම පූර්ණ වශයෙන් මුදල් වර්ධනය තුළින් පිළිබිඹු වීමට යම් කාලයක් ගතවනු ඇතැයි යන කරුණු සැලකිල්ලට ගනිමින් දැනට පවතින මුදල් ස්ථාවරය එලෙසින්ම පවත්වා ගෙන යාම මුදල් මණ්ඩලයේ අදහස වී තිබේ.

    Video Story

    Stock Market

    Exchange Rates