E-tel Curiosity N3 ස්මාර්ට් ජංගම දුරකතනය දැන් දේශීය වෙළෙඳපොළට

    March, 17, 2014

    දේශීය ස්මාර්ට් ජංගම දුරකතන වෙළෙඳපොළේ ප‍්‍රසිද්ධ වෙළෙඳ නාමයක් වන E-tel, Quad-Core ප්‍රොසෙසරයකින් සමන්විත සිය නවතම ස්මාර්ට් ජංගම දුරකතනය මෙරට වෙළෙඳපොළට හඳුන්වා දී ඇත.

    මෙම ස්මාර්ට් ජංගම දුරකතනය Curiosity N3 නමින් නම් කර තිබෙන අතර එයට සවිබලය සැපයෙන්නේ අති නවීන මීඩියා ටෙක් සුපර්ෆාස්ට් 1.3GHz Quad-Core  ප්‍රොසෙසරයකින් වන අතර එය ඇන්ඩ්‍රොයිඞ් 4.2 ජෙලි බීන් මෙහෙයුම් පද්ධතිය භාවිතා කරයි. මේ නිසා, මෙම ස්මාර්ට් ජංගම දුරකතනය සුපිරි කාර්ය සාධනයකින් යුක්ත වන අතර එය  ඕනෑම ස්මාර්ට් ජංගම දුරකතනයක් සමග මිණුම් ලකුණක් ලෙස යොදාගත හැකිබව බ‍්‍රෑන්ටෙල් සමාගම පවසයි.

    ඉතාමත් සුසිනිඳු මතුපිටක් සහිත ඝනකමින් අඩු මෙම දුරකතනයට සිම් පත් දෙකක් යෙදිය හැකි අතර ඉන් එකක් මයික්‍රෝ සිම් පෝර්ට් එකකි. මෙය HSPA  සහ Wi-Fi/Wi-Fi Hotspot පහසුකම් වලින් සමන්විත වන අතර අඟල් 4.5 ක සහ 16M ක වර්ණ සහිත ස්පර්ශක IPS තිරයක් ඇත. එසේම, ෆ්ලෑෂරයක් සහිත ජියෝ ටැගින් පහසුකම සහ ෆේස් ඩිටෙක්ෂන් පහසුකම සහිත 8MP ක පසුපස කැමරාවක් සහ 2MP ක ඉදිරිපස කැමරාවක් මෙම දුරකතනයේ තිබේ. මෙම පහසුකම් වලින් සමන්විත වන E-tel Curiosity N3  අති නවීන ස්මාර්ට් ජංගම දුරකතනය වෙළෙඳපොළේ තිබෙන ප‍්‍රමුඛතම වෙළෙඳ නාම සමග සැසඳීමේදී අසම සම නිෂ්පාදනයක් ලෙසින් සඳහන් කළ හැකිය.

    ‘‘ස්මාර්ට් ජංගම දුරකතන වෙළෙඳ පොළ තුළ Curiosity N3  දැවැන්ත රැල්ලක් ඇති කරනු ඇතැයි අපි විශ්වාස කරනවා.’’ යනුවෙන් මෙම දුරකතනය පිළිබඳව අදහස් දක්වමින් බ‍්‍රෑන්ටෙල් සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරී, බිෂ්රි ලතීෆ් මහතා සඳහන් කළේය. ‘‘මෙම දුරකතනය රුපියල් 21,900 ක් වැනි මිලකට අලෙවි කිරීමට ලැබීම ජයග‍්‍රහණයක්. මෙම දුරකතනය තුළින් පාරිභෝගිකයාට අති නවීන ස්මාර්ට් ජංගම දුරකතන පහසුකම්, වේගය සහ ධාරිතාවය ලබාදෙනවා.’’

    E-tel Curiosity N3  ස්මාර්ට් ජංගම දුරකතනයේ මතකය (memory) SD පතක් සමග ගිගා බයිට් 32 ක් දක්වා ඉහළ දැමිය හැකිය. 3G, Wi-Fi සහ Bluetooth පහසුකම් සහිත මෙම ස්මාර්ට් ජංගම දුරකතනය සමඟ සියළුම බහු සහ සමාජ මාධ්‍යයන් වන Skype, YouTube, Facebook, Gmail  භාවිතා කළ හැකිය. මීට අමතරව, Google Chat යන පහසුකම්ද මෙයින් ලබාගත හැකිය.