April, 29, 2016
හිටපු ජනපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා විසින් නව VAT බදු සංශෝධන සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය ජනතාව නොමඟ යවනසුළු එකක් බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටී. සිය ෆේස්බුක් පිටුවෙහි මේ සම්බන්ධයෙන් සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
පෙරපාසල් සිට තෘතීයික අධ්‍යාපන මට්ටම් දක්වා මෙන්ම පුද්ගලික ටියුෂන් පන්ති සඳහා ද වන ගාස්තු, නව VAT බදු සංශෝධන නිසා ඉහළ යන බවට හිටපු ජනපතිවරයා ප්‍රකාශ කර ඇති බවත්, එය ජනතාව නොමඟ යවනසුළු ප්‍රකාශයක් බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මෙහිදී අවධාරණය කර තිබේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටින්නේ අධ්‍යාපන සේවා ක්ෂේත්රය සඳහා කිසිදු අයුරකින් VAT බදු පැනවීමක් සිදු නොකරන බවයි.
පහත දැක්වෙන්නේ සිය ෆේස්බුක් පිටුවෙහි නියෝජ්‍ය අමාත්‍යවරයා තබා ඇති සටහනයි.
Video Story