May, 3, 2016
මෙරට ආයෝජන අවස්ථා විමසීම සඳහා පැමිණි චෙක් සමූහාණ්ඩුවේ නියෝජිත පිරිස පසුගිය දා ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමුවූ අතර ශ්‍රී ලංකාවේ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ක්ෂේත්රය ඉහළ නැංවීම සඳහා සහාය දැක්වීමට තමන් අදහස් කරන ඔවුන් එහිදී පැවසීය.
නවදිල්ලිය මූලස්ථානය කරගත් ශ්‍රී ලංකාවේ චෙක් තානාපති මිලන් හොවොකා මහතා සහ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අතර පැවති හමුවක දී මේ පිළිබඳව සාකච්ඡා විය.
බලශක්තා සහ ප්‍රවාහන අංශයේ සමාගම්වල නියෝජිතයින්ගෙන් සමන්විත චෙක් ව්‍යාපාරික නියෝජිත පිරිස මැයි 02 සිට 04 දක්වා මෙරට ව්‍යාපාරික අවස්ථා ගවේෂණය සඳහා සංචාරය කරනු ඇත.
Video Story