GSP+ ගැන තීරණාත්මක සාකච්ඡාවක් 11 වැනිදා බ්‍රසල්ස් හිදී

    May, 3, 2016

    ශ්‍රී ලංකාවට GSP+ පහසුකම ලබා ගැනීම සම්බන්ධයෙන් තවත් එක් තීරණාත්මක සාකච්ඡාවක් මැයි 11 ‍වැනි දින බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර දී පැවැත්වීමට නියමිත බව යුරෝපීය සංගමයේ වෙළෙඳ හා ආයෝජන නියෝජිත පිරිසේ නියෝජ්‍ය ප්‍රධානී රොෂාන් ලයිමන් මහතා පැවසීය. පසුගිය දා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

    2010 වසරේ දී යුරෝපානු වෙළෙඳපොළ වෙත බදු රහිතව භාණ්ඩ අපනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව වෙත ලැබී තිබුණු GSP+ පහසුකම අහිමි වී ගිය බව පැවසූ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, GSP+ පහසුකම ලබාදීම සඳහා යුරෝපීය සංගමයේ අවධානය යොමු කෙරෙන ජාත්‍යන්තර සම්මුතීන් 4 න් 3 ක්ම ශ්‍රී ලංකාව විසින් උල්ලංගණය කිරීම මීට හේතු වූ බවයි.

    මානව හිමිකම් සම්මුතිය, කම්කරු සම්මුතිය, පාරිසරික සම්මුතිය හා යහපාලන සම්මුතිය අදාළ සම්මුතීන් 4 බව රොෂාන් ලයිමන් මහතා මෙහිදී පැවසීය.

    Video Story

    Stock Market

    Exchange Rates