May, 4, 2016
ලාෆ්ස් ගෑස් පීඑල්සී හි පූර්ණ අනුබද්ධ සමාගමක් වන ලාෆ්ස් ගෑස් (බංග්ලාදේශ්) ලිමිටඩ් හි කොටස් හිමිකාරීත්වයෙන් 31% ක හිමිකම ඩුබායි හි සංස්ථාපිත SLOGAL ENERGY DMCC විසින් මිල දී ගෙන තිබේ. මේ සඳහා ආයෝජිත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 9.2 ක් වන අතර එහිදී මිල දී ගෙන ඇති කොටස් ප්‍රමාණය 847,428 කි.
SLOGAL ENERGY DMCC සමාගම ද ලාෆ්ස් ගෑස් පීඑල්සී පූර්ණ හිමිකාරීත්වය දරණ සමාගමකි. මෙම ගනුදෙනුව පසුගිය අප්‍රේල් මස 28 වන දින සිදුකෙරිණි.
ලාෆ්ස් ගෑස් (බංග්ලාදේශ්) ලිමිටඩ් සමාගම ආරම්භයේ දී PETREDEC ELPIJI LIMITED ලෙසින් හඳුන්වනු ලැබූ අතර බංග්ලාදේශය තුළ ද්‍රැවීය පෙට්‍රෝලියම් ගෑස් කැණීම් ව්‍යපාරයෙහි එය නිරත වනු ඇත.
කෙසේ වෙතත් ලාෆ්ස් ගෑස් (බංග්ලාදේශ්) ලිමිටඩ් හි 69% ක කොටස් අයිතිය තවදුරටත් ලාෆ්ස් ගෑස් පීඑල්සී සතුව පවතී.
Video Story