May, 6, 2016
ශ්රී ලංකා මහ බැංකුව රුපියල් දශ ලක්ෂ 30,000 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් එළඹෙන මැයි 11 වන දින පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එහිදී දින 91, 182 හා 364 යන පරිණත කාලයන් යටතේ පිළිවෙලින් රුපියල් දශ ලක්ෂ 6000, 12000 හා 12000 යනා දී වශයෙන් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරනු ලැබේ.
මීට අමතරව රුපියල් දශ ලක්ෂ 19,000 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් ද ශ්රී ලංකා මහ බැංකුව කැඳවා තිබේ. මෙම වෙන්දේසිය මැයි 12 වැනි දින පැවැත්වීමට නියමිතය.
මේ අතර පසුගිය 04 වැනිදා පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රුපියල් දශ ලක්ෂ 33,621 ක ලංසු අනුමත කිරීමට ශ්රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබිණි.
Video Story