ගාඩියන් ඉන්වෙස්ට්මන්ට් ඩර්ඩන්ස් රෝහලට සමුදෙයි

    May, 9, 2016

    ඩර්ඩන්ස් රෝහලේ 5 වැනියට විශාලතම කොටස් හිමියා වූ The Ceylon Guardian Investment Trust PLC සිය කොටස් හිමිකාරීත්වය මුළුමනින්ම අද (09) දිනයේ දී විකුණා දමනු ලැබීය.

    ඩර්ඩන්ස් රෝහලේ සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 2.03% කට The Ceylon Guardian Investment Trust PLC හිමිකම් කියූ අතර මේ අනුව අද දිනයේ දී විකුණා දැමූ කොටස් ප්‍රමාණය 518,371 කි.

    කොටසක් රු. 95.00 බැගින් සිදුකරන ලද මෙම ගනුදෙනුව හරහා ජනනය වූ පිරිවැටුම රු. 49,245,245.00 කි.

    මෙහි ගැණුම්කාර පාර්ශවය කවරෙක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

    Video Story

    Stock Market

    Exchange Rates