May, 10, 2016
පසුගිය ඉරිදා දිනට යෙදුණු ලෝක මව්වරුන්ගේ දිනය (2016.05.08) නිමිති කොට ගෙන ඉරිදා මව්බිම පුවත්පතෙහි නම ‘මව්දින‘ ලෙස නම වෙනස් වී තිබුණි. ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ජාතික පුවත්පතක් වන මව්බිම පුවත්පත, මෙම නිර්මාණශීලී තීරණයට එළැඹ තිබුණේ ‘ට්‍රයඩ්‘ වෙළඳ ප්‍රචාරණ ආයතනයේ අදහසක් අනුවය. ජාතික පුවත්පතක නමක් වෙනස් වූ ප්‍රථම අවස්ථාව මෙය වන බැවින් මෙම තීරණය අනිවාර්යෙන්ම ඉතිහාසයට එක්වනු ඇත.
සෑම ඉරිදාවකම ලක්ෂ 6 කට අධික මව්බිම පුවත්පත් සංඛ්‍යාවක් පාඨකයන් අතට පත්වන අතර එක්දිනක් තුළ එකවර ලක්ෂ සංඛ්‍යාත මව්වරුන් ප්‍රමාණයකටත්, දූ දරුවන් ප්‍රමාණයකටත් මව්වරුන්ගේ දිනය සුවිශේෂ වී තිබුණි. ඒ සඳහා මෙම නිර්මාණශීලී අදහස මූලිකව බලපෑ බව බොහෝ දෙනෙකුගේ අදහසයි.
Video Story