May, 11, 2016
වර්තමාන අවශ්‍යතාවන් හා ගැළපෙන ආයතන වස්තුභංගත්ව නීතියක් හඳුන්වා දීමේ අරමුණින් 2007 අංක 7 දරන සමාගම් පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
මෙහදී වැඩිදුරටත් සඳහන් වන්නේ දුෂ්කරතාවන්ට මුහුණ පා ඇති වෙළඳ සමාගම් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා දැනට පවත්නා 1884 අංක 24 දරන වස්තුභංගත්ව ආඥාපනතේ විධිවිධාන වර්තමාන නව්‍ය වෙළඳ ව්‍යාපාර සම්බන්ධයෙන් ඉස්මතු වන ගැටලු විසඳා ලීම සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි. එමෙන්ම රාජ්‍ය ව්‍යාපාර ප්රතිසංස්කරණයෙහි ලා වස්තුභංගත්වයට අදාළව නව නීති මාලාවක අවශ්‍යතාව පැන නැගී ඇති බව මෙහිදී අවධාරණය කර තිබේ.
වස්තුභංගත්වය ආශ්රිත තත්ත්වයන් සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස යෝග්‍ය හා ඵලදායී නීති පනවනු ලබන්නේ නම් 'ව්‍යාපාරික කටයුතු කරගෙන යාම පහසු රටවල්' පිළිබඳ දර්ශකයෙහි (Ease of Doing Business Index) ඉහළ ස්ථානයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වනු බව රජයේ අදහසයි.
Video Story