ACL කේබල්ස් දෙකට කඩන්න අධ්‍යක්ෂවරු තීරණය කරති

    May, 11, 2016

    අද (11) දින පැවති ACL කේබල්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල හමුවේ දී සමාගමේ ප්‍රකාශිත කොටස් ප්‍රමාණය දෙගුණ කිරීමට තීරණය කර තිබේ. එහිදී සමාගමේ එක් කොටසක් කොටස් දෙකක් බවට විභජනය වනු ඇත.

    මේ අනුව සමාගමේ වත්මන් කොටස් ප්‍රමාණය වන කොටස් 59,893,680 දෙගුණ වන අතර එය කොටස් 119,787,360 ක් බවට පත්වනු ඇත.

    කෙසේ වෙතත් සමාගමේ මෙම තීරණය හේතුවෙන් ප්‍රකාශිත ප්‍රාග්ධනයෙහි කිසිදු වෙනසක් සිදුනොවේ.

    Video Story

    Stock Market

    Exchange Rates