May, 13, 2016
බ්ලූ ඩයමන්ඩ් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සී හි කොටස් වෙළෙඳපොළ ගනුදෙනු මේ වන විට අත්හිටුවා තිබේ. සමාගමේ ඡන්ද බලය හිමි හා ඡන්ද බලය අහිමි සාමාන්‍ය කොටස් වර්ග දෙකම මේ අනුව මෙම අත්හිටුවීමට ලක්ව තිබේ. අදාළ අත්හිටුවීම අද පස්වරු 2.30 දක්වා බලපවත්වන බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම නිවේදනය කර සිටී.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම කියා සිටින්නේ බ්ලූ ඩයමන්ඩ් ජුවලරි හි සභාපති Xia Liqian විසින් පසුගිය මැයි 09 වන දින සිය කොටස් හිමිකාරීත්වයෙන් ඡන්ද බලය හිමි කොටස් 15,146,200 ක් විකුණා ඇති බවත් මෙය ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභා පනතේ දක්වා ඇති වගන්ති උල්ලංගණය කිරීමට හේතු වූ ගනුදෙනුවක් බවට සැක කරන බවත්ය.
අදාළ ගනුදෙනුවේ විකුණුම්කාර පාර්ශවය වන මුදල් බ්ලූඩයමන්ඩ් සභාපති Xia Liqian හට පියවිය යුතු මුදල් නොගෙවන ලෙසට ද තැරැව්කාර සමාගම වෙත සුරැකුම්පත් හා විනිමය කොමිසම මේ වන විට දන්වා යවා තිබේ. මෙම ගනුදෙනුවේ තැරැව්කාර පහසුකම් සපයන ලද කැපිටල් ට්‍රස්ට් (පුද්) සමාගමයි.
Video Story