May, 14, 2016
ගොඩනැගිලි අමුද්‍රව්‍ය ක්ෂේත‍්‍රයේ ගෝලීය ප‍්‍රමුඛයාවන ලෆාජ්හොල්සිම් සමූහයේ සාමාජිකයෙකුවන හොල්සිම් (ලංකා) සමාගම, දේශීය සිමෙන්ති අමුද්‍රව්‍ය ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය නවමු වෙනසකට ලක් කරමින් නැව් හා දුම්රිය උපයෝගී කරගනිමින් දෙමුහුම් ප‍්‍රවාහන ක‍්‍රමයක් පසුගියදා උත්කර්ෂවත් අන්දමින් ආරම්භ කළේය.
ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු හොල්සිම් (ලංකා) සමාගමේ, ශ‍්‍රී ලංකා දුම්රිය සේවයේ සහ අමාත්‍යංශ නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම සමාරම්භක උළෙල පැවැත්විණි.
හොල්සිම් (ලංකා) සමාගම හා රජය අතර ඇතිවූ මෙම හවුල්කාරීත්වය, මෙරට පෞද්ගලික අංශයේ සමාගම් හා රජය අතර පවතින සබැඳියාවේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කිරීමක් ද විය.
මෙම දෙමුහුම් ප‍්‍රවාහන ක‍්‍රමයන්ට අනුව හොල්සිම් (ලංකා) සමාගමේ සිමෙන්ති අමුද්‍රව්‍ය ත‍්‍රිකුණාමල වරායේ නැගෙනහිර පර්යන්තයේ සිට දුම්රිය මාර්ගය ඔස්සේ මහව දුම්රිය ස්ථානය දක්වා ප‍්‍රවාහනය කෙරෙන අතර එතැන් සිට හොල්සිම් (ලංකා) සමාගමේ ට‍්‍රක් රථ මගින් එම අමුද්‍රව්‍ය පුත්තලම සිමෙන්ති කර්මාන්ත ශාලාව දක්වා ප‍්‍රවාහනය කෙරේ.
හොල්සිම් (ලංකා) සමාගමේ නැවකින් නැවකට භාණ්ඩ හුවමාරු කිරීමේ ක‍්‍රමවේදයෙන් විශාල ප‍්‍රමාණයේ භාණ්ඩ ප‍්‍රවාහන නෞකා හා කුඩා නෞකා මගින් ගුණාත්මක බවින් ඉහළ සිමෙන්ති නිෂ්පාදනයට අවශ්‍ය ක්ලින්කර් හා අනෙකුත් අමුද්‍රව්‍ය කර්මාන්ත ශාලාව වෙත අඛණ්ඩව සැපයෙන අතර නව දුම්රිය-මහාමාර්ග දෙමුහුම් ප‍්‍රවාහන ක‍්‍රමවේදය එහි දිගුවකි.
''රට පුරා සිමෙන්ති අමුද්‍රව්‍ය ප‍්‍රවාහනය කිරීමේදී වඩාත් තිරසාර සහ පරිසර හිතකාමී ක‍්‍රමවේද සඳහා ආයෝජනය කිරීමත්, ප‍්‍රවර්ධනය කිරීමත් අතිශයින් වැදගත් වනවා. ප‍්‍රවාහන අමාත්‍යංශයේ සහයෝගය නොවන්නට, මෙම කර්තව්‍යය යතාර්ථයක් බවට පත් නොවන්නට ඉඩ තිබුණු බව සඳහන් කළ යුතුයි.'' හොල්සිම් (ලංකා) සමාගමේ ප‍්‍රතිසම්පාදන සහ කාර්යය සම්පාදන අධ්‍යක්ෂ චරිත් විජේන්ද්‍ර මහතා පැවසුවේය.
හොල්සිම් (ලංකා) සමාගමේ සැපයුම් දාම ක‍්‍රියාවලියේදී කුඩා ප‍්‍රමාණයේ නෞකා වෙනුවට විශාල ප‍්‍රමාණයේ නෞකා යොදාගන්නා නිසා පරිසරයට නිකුත් වන කාබන් ප‍්‍රමාණය සියයට 10 කින් අඩුවී ඇත. සිමෙන්ති නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය විවෘත ට‍්‍රක් රථ වල සිට බහාලූම් ලෙස ප‍්‍රවාහනය කෙරෙන නිසා අපතේ යාම් ද අවම වෙයි. නව දෙමුහුම් ප‍්‍රවාහන ක‍්‍රමවේදය මගින් මීට පෙර කිලෝමීටර මිලියන 3 ක තරම් ඉහළ ප‍්‍රමාණයක පැවති දුර ප‍්‍රමාණය කිලෝමීටර මිලියන 0.8 ක ප‍්‍රමාණයක් දක්වා අඩු වී ඇත. එය ප‍්‍රතිශතයක් ලෙස ගතහොත් සියයට 27 ක ප‍්‍රමාණයක අඩුවකි. එමෙන්ම, හොල්සිම් (ලංකා) සමාගම, මීට පෙර අමුද්‍රව්‍ය ප‍්‍රවාහනයට යොදාගත් ට‍්‍රක් රථ 200 ක ප‍්‍රමාණය ට‍්‍රක් රථ 12 ක් දක්වා අඩුකර තිබෙන නිසා මාර්ග තදබදය අවමකර සුරක්ෂිතතාව වෙනුවෙන් ද සුවිශේෂී දායකත්වයක් සිදුකර ඇත.
''හොල්සිම් (ලංකා) සමාගමේ මෙම නව ප‍්‍රවාහන ක‍්‍රමවේදය ක‍්‍රියාවට නැංවීමෙන් මාර්ග තදබදය හා පරිසරයට විමෝචනය වන කාබන් ප‍්‍රමාණය අවම කිරීමට මෙන්ම සේවකමණ්ඩලයේ හා ප‍්‍රජාවේ සුරක්ෂිතතාව සහතික කිරීමටත් හැකිවී තිබෙනවා. මේ නව්‍යකරණයන් මගින් මෙරට ප‍්‍රජාවට මෙන්ම අප සේවාදායකයින්ට ද මහගු වටිනාකමක් හිමිකරදී තිබෙනවා.'' චරිත් විජේන්ද්‍ර මහතා වැඩිදුරටත් පැවසුවේය.
නිරතුරුව සුරක්ෂිතතාව පිළිබඳ සැලකිලිමත්වන හොල්සිම් (ලංකා) සමාගම, සමස්ත සැපයුම් දාමය පුරා සිය කාර්යමණ්ඩලයේ සුරක්ෂිතතාව සහතික කිරීම, කාබන් පිය සටහන් අවම කිරීම, සැපයුම් හා ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ සුවිශේෂී නව්‍යකරණයන් ඇතිකිරීම, මෙරට අනාගතයට සවිමත් පදනමක් සකස් කිරීම ආදී මෙහෙවර ගණනාවක අඛණ්ඩව නියැලෙයි.

සේයා රූ සටහන - පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. එම්. මහරූෆ් මහතා, ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා, නැගෙනහිර පළාත් සභාවේ මාර්ග සංවර්ධන හා වාරිමාර්ග ඇමතිනී ගරු ආරියවතී ගලප්පත්ති මහත්මිය හා දුම්රිය සාමාන්‍යාධිකාරී බී. ඒ. පී. ආරියරත්න මහතා ඡායාරූපයේ වමේ සිට දකුණට සිටින පිරිසය
Video Story