ලාංකීය ප්‍රේක්ෂක ජනතාවට නැවුම් අත්දැකීමක් ගෙන දෙමින් ඩයලොග් 7th Circuit ඇරඹෙයි

    May, 17, 2016

    ඩයලොග් ටීවී හි නවතම සිනමා නාලිකාව ඩයලොග් 7th Circuit පසුගිය දා අතිඋත්කර්ෂවත් අන්දමින් දියත් කෙරිණි. ගරු ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ගරු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් මෙම උළෙල සංවිධානය වී තිබිණි.

    ශ්‍රී ලංකාවේ දැනට ප්‍රදර්ශනය වූ මෙන්ම ප්‍රදර්ශනය වෙමින් පවතින සහ ප්‍රදර්ශනය වීමට නියමිත චිත්‍රපට 7th Circuit නාලිකාව හරහා ප්‍රේක්ෂකයාගේ ආලින්දය වෙතටම ගෙන ඒම මෙහි ඇති සුවිශේෂීත්වයයි.

    ඩයලොග් 7th Circuit නාලිකාවේ ආරම්භයේ දී මෙරට ප්‍රවීණතම සිනමාවේදියෙකු වන චන්ද්‍රන් රත්නම් මහතාගේ ‘මේ වගේ ආදරයක්‘ ආදරණීය සිනමා නිර්මාණය සතියේ දින 3 ක් සවස 7 ට ප්‍රචාරය වනු ඇත. මීට අමතරව ඇහළෙපොළ කුමාරිහාමි, විදූ, අක්ෂරය, ඉනියවන්, ගින්දරී, ඇඩ්‍රස් නෑ, තනි තටුවෙන් පියාඹන්න ඇතුළු චිත්‍රපට ගණනාවක් ඩයලොග් 7th Circuit තුළින් නැරඹිය හැකිය.

    මේ සම්බන්ධයෙන් ඩයලොග් ආසියාටා හි ප්‍රධාන කළමානාකාර (Content Acquisition) සිහාර් සුහේර් මහතා පළ කළ අදහස් පහතින් නැරඹිය හැකිය.

    https://www.youtube.com/watch?time_continue=4&v=HzQ4qegebNI