May, 17, 2016
රුපියල් මිලියන 2,000 ක අරමුදලක් සම්පාදනය කර ගැනීම සඳහා රු. 100 බැගින් වූ ණයකර මිලියන 20 ක් නිකුත් කිරීම සඳහා හේලීස් පීඑල්සී වෙත කොළඹ කොටස් වෙළෙඳපොළේ අනුමැතිය අද දින ලැබී ඇත.
මේ අනුව රු. 100 බැගින් වූ ජ්‍යෙෂ්ට, අනාරක්ෂිත, ලැයිස්තුගත, නිදහස් කළ හැකි, ශ්‍රේණිගත ණයකර මිලියන 20 ක් නිකුත් කෙරෙනු ලබන අතර මෙම නිකුතුව 2016 මැයි 25 වැනි දින ආරම්භ වීමට නියමිතය.
නිකුතුවේ සම කළමනාකරුවන් ලෙසින් කැපිටල් එලායන්ස් පාට්නර්ස් ලිමිටඩ් සහ පීපල්ස් බෑන්ක් ඉන්වෙස්ට්මන්ට් බෑන්කිං යුනිට් කටයුතු කරනු ලබන නිකුතුවේ ලේඛකාධිකරු වශයෙන් පී.ඩබ්. කෝපරේට් සෙක්රටේරියල් (පුද්) සමාගම කටයුතු කරනු ලබයි.
Video Story