දශ ලක්ෂ 45,000 ක බැඳුම්කර නිකුතුවක් අනිද්දා

    May, 17, 2016

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් දශ ලක්ෂ 45,000 ක භාණ්ඩාගාර නිකුතුවක් කැඳවා තිබේ. මෙම බැඳුම්කර වෙන්දේසිය 2016 මැයි 19 දින පැවැත්වීමට නියමිතය.

    2018, 2020 වසරවල දී කල්පිරෙන පරිදි රු. මිලියන 10,000 බැගින් සහ 2024 හා 2026 වසරවල දී කල් පිරෙන පරිදි රු. මිලියන 12,500 බැගින් වන බැඳුම්කර මෙම නිකුතුව සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.