May, 18, 2016
නිල සංචාරයක් සඳහා ඉතාලි නියෝජ්‍ය විදේශ අමාත්‍ය බෙනෙඩෙටෝ ඩෙලා වැඩොවා සහතා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. 2006 වසරේ මෙරට සංචාරය කළ ඉතාලි විදේශ කටයුතු ඇමතිවරයාගෙන් පසු නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු ඉතාලි රාජ්‍ය තාන්ත්‍රිකයා වන්නේ මොහුය.
ඉතාලි නියෝජ්‍ය විදේශ ඇමතිවරයා සමඟ Euro Green Power Ltd, Moving Energy, U2k Worldwide, සහ Building Energy සමාගම් නියෝජනය කරමින් සිව්දෙනෙකුගෙන් යුතු ව්‍යාපාරික දූ.ත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචරය කරනු ඇත. මොවුන් ඇඟළුම් හා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍ර නියෝජනය කරනු ලබයි.
තවද මෙම පිරිස ශ්‍රී ලංකා සංචාරය අතරතුර ඉතාලි ආයෝජනයක් වන දංකොටුවේ පිහිටි OMEGA LINE කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ සංචාරයක ද යෙදීමට නියමිතය.
Video Story