ලංකා හොස්පිටල් විකුණන්ගේ නැහැ – නි.ඇමති එරාන් අවධාරණය කරයි

    May, 18, 2016

    ලංකා හෝස්පිටල් හි අයිතිය වෙනස්වන්නේ නම් එය එහි කොටස්කරුවන් විසින් ගත යුතු තීරණයක් බවත්, ශ්‍රී ලංකා රජය එහි බහුතර කොටස් හිමියා බැවින් කිසිලෙසකින් එවැනි තීරණයක් ගෙන නොමැති බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ සිංගපූරු පාර්ශවයක් සමඟ ලංකා හොස්පිටල් ගනුදෙනුවක් සඳහා මේ වන විට සාකච්ඡා පැවැත්වෙන බවට පළවූ වාර්තා සත්‍යයෙන් තොර බවයි.

    කෙසේ වෙතත් 2016 අයවැය යෝජනා අනුව සඳහන් වූයේ රජය සිය ආයෝජන සංයුතිය විධිමත් කිරීම වෙනුවෙනු ලංකා හොස්පිටල් ඇතුළු තවත් සමාගම් කිහිපයක සිදුකර ඇති උපායශීලි නොවන ආයෝජන කොළඹ කොටස් වෙළෙඳපොළේ 2016 වසරේ ලැයිස්තුගත කර සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් රජයෙන් ඉවත් වන බවයි.

    මෙහිදී හේමාස් සහ සොෆ්ට්ලොජික් යන සමූහ දෙක ලංකා හොස්පිටල් මිල දී ගැනීම සඳහා තමන් උනන්දු බව ප්‍රකාශ කරන ලදී.