අලුත්ම බැඳුම්කර නිකුතුවේ ලංසු අනුමත වුණු හැටි

    May, 21, 2016

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කැඳවන ලද අලුත්ම භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය පෙරේදා (19) පැවති අතර ඒ සඳහා රුපියල් මිලියන 45,000 ක වටිනාකමකින් යුතු බැඳුම්කර ඉදිරිපත් කර තිබිණි. ඒ 2018 හා 2020 වසරවල දී කල්පිරෙන පරිදි රු. මිලියන 10,000 බැගින් සහ 2024 හා 2026 වසරවල දී කල්පිරෙන පරිදි රු. මිලියන 12,500 බැගින් වන ලෙසිනි. වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ සමස්ත බැඳුම්කරවල වටිනාකම ඒ අනුව රු. මිලියන 45,000 කි.

    මෙහිදී ලැබුණු සමස්ත ලංසුවල වටිනාකම රු. මිලියන 136,666 ක්වූ අතර ඉන් රු. මිලියන 44,686 ක ලංසු අනුමත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තුමේන්තුව තීරණය කර තිබේ.

    මෙම වෙන්දේසියේ සමස්ත විශ්ලේෂණය පහත පරිදි වේ.

    Video Story

    Stock Market

    Exchange Rates