May, 21, 2016
සඳුදා දිනය (23) නිවාඩු දිනයක් ද යන්න බොහෝ දෙනා විමසන කරුණකි. කෙසේ වෙතත් 2016 මැයි 23 වන සඳුදා රජයේ නිවාඩු දිනයක් නොවේ.
එහෙත් වෙසක් පුරපසළොස්වක පොහොය දිනය හා ඊට පසු දිනය අති අන්තයක යෙදී තිබීම හේතුවෙන් ඊට අතිරේක නිවාඩු දිනයක් සතියේ දිනයක දී ලබා ගත හැකි ද යන්න බොහෝ පුද්ගලික අංශයේ රැකියාවන් හි නියුතු දෙනා ඒ පිළිබඳ විමසිලිමත් වී තිබේ. කෙසේ වෙතත් සඳුදා දිනය බැංකු හා කොටස් වෙළෙඳපොළ නිවාඩු දිනයක් ලෙසින් කලින්ම ප්‍රකාශයට පත් වී තිබුණි.
සේවක නිවාඩු සම්බන්ධයෙන් බලපත්වන ප්‍රධනතම නීතිමය අණපනත් දෙක වනුයේ සාප්පු හා කාර්යාල සේවක පනත හා පඩිපාලක සභා ආඥා පනතයි. ඊට අනුව වර්ෂයක් තුළ විශේෂ වෙළෙඳ නිවාඩු 08 කට පුද්ගලික අංශයේ සේවක සේවිකාවන් හිමිකම් කියනු ලැබේ. එනම්,
• ජාතික නිදහස් දිනය
• දෙමළ තෛපොන්ගල් දිනය
• මිලා-දුන් නබි තුමාගේ උපන් දිනය
• සිංහල සහ දෙමළ අළුත් අවුරුදු දිනට පෙර දිනය
• සිංහල සහ දෙමළ අළුත් අවුරුදු දිනය
• මැයි 01 දින කම්කරු දිනය
• වෙසක් පුර පසළොස්වක දිනට පසු දිනය
• නත්තල් දිනය
ඉහත සදහන් ව්‍යවස්ථාපිත නිවාඩු සති නිවාඩු දිනයකට යෙදී තිබුණි නම් එම දිනයට හිලව් ලෙස නිවාඩු දිනයක් හෝ දින ½ ක් ලබාදිය යුතුය (පඩි පාලක සභා පණත යටතට ගැනෙන සේවක සේවිකාවන්ට අදාල නොවේ.)
මීට අනුව වෙසක් පොහොය දිනට පසුදින ව්‍යවස්ථාපිත නිවාඩු දිනයක් බැවින් ඊට හිලව් ලෙසින් සතියේ දිනක නිවාඩු ලබා ගැනීමේ අයිතිය පුද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට හිමිවේ.
Video Story