May, 23, 2016
දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2016 මැයි 20 පැවති මුදල් මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබේ.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් 6.55 සහ 8% මට්ටමේ තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය වී ඇත.
වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පුළුල් මුදල් වර්ධනය 2016 පෙබරවාරි මස පැවති 19.8% හා සාපේක්ෂව 2016 මාර්තු මාසයේ දී 18.9% ක වර්ධනයක් වාර්තා කරමින් මන්දගාමි විය. පුළුල් මුදල් වර්ධනය සඳහා දේශීය ණය ප්‍රසාරණය ප්‍රධාන වශයෙන් හේතු වූ අතර එයින් වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබා දුන් ණයවල වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වර්ධනය පෙර මාසයේ දී වාර්තා වූ 26.5% හා සාපේක්ෂව 2016 මාර්තු මාසයේ දී 27.7% ක් විය.
ණය සපයන ලද අංශ අනුව ව්‍යාප්තිය සැලකීමේ දී කර්මාන්ත සහ සේවා අංශ සඳහා ලබාදුන් ණය ප්‍රමාණය ඉහළ මට්ටමක පැවති අතර මෑතක දී අනුගමනය කරනු ලැබූ දැඩි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සහ දේශීය මුදල් වෙළෙඳපොළ අතිරික්ත රුපියල් ද්‍රවශීලතාව පහඑළ යෑමේ ප්‍රතිඵලයක් වශයෙන් කෙටිකාලීන මුදල් වෙළෙඳපොළ අනුපාතික සහ අනෙකුත් වෙළෙඳපොළ පොළී අනුපාතිකවල ඉහළ යෑමක් දක්නට ලැබුණි.
කෙටිකාලීන පොළී අනුපාතික ඉහළ යෑමේ බලපෑම වෙළෙඳපොළ අනෙකුත් පොළී අනුපාතික කරා ක්‍රමානුකූලව සම්ප්‍රේෂණය වීම පිළිබිඹු කරමින් වසරේ දෙවන කාර්තුව තුළ දී මුදල් සහ ණය සමස්තවල ප්‍රසාරණය මන්දගාමී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Video Story