May, 25, 2016
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (25) දිනයේ දී කැඳවන භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රුපියල් මිලියන 30,749 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන ලදී.
මෙහිදී දින 91 පරිණත කාලයෙන් යුතු බිල්පත් රු. මිලියන 9,155 ක සහ දින 182 බිල්පත් රු. මිලියන 21,594 ක වටිනාකමකින් යුතුව භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර ඇත.
පූර්ව වෙන්දේසියට සාපේක්ෂව අද වෙන්දේසියේ දී වැඩි පොළී අනුපාතිකයක් ලැබී තිබේ. මෙහිදී දින 91, 8.66% සිට 8.71% දක්වා ද, දින 182 , 9.40% සිට 9.67 දක්වා ද පොලී අනුපාතිකයන් ඉහළ ගොස් තිබේ.
දින 364 භාණ්ඩාගාර බිල්පත් සඳහා රුපියල් මිලියන 15,674 ක ලංසු ලැබී තිබුණ ද ඉන් කිසිවක් අනුමත කර නැත.
පහත දැක්වෙන්නේ අද පැවති භාණ්ඩාගාර වෙන්දේසියේ සංක්ෂිප්ත සටහනකි.
Video Story