හේලීස් ණයකර නිකුතුවට අධි ඉල්ලුමක්

    May, 26, 2016

    හේලීස් පීඑල්සී හි ණයකර නිකුතුවට අධි දායකත්වයක් ලැබී තිබේ. රුපියල් බිලියන 2 ක අරමුදලක් සම්පාදනය කර ගැනීම වෙනුවෙන් මෙම ණයකර නිකුතුව විවෘත කර තිබුණි.

    පැවති අධි දායකත්වය මත ඊයේ (25) සවස 4.30 ට ණයකර නිකුතුව වසා දමන ලදී.

    මෙහි විභජනය සිදුවන ආකාරය පසුව දැනුම්දෙන බව සමාගම දන්වා සිටී.