May, 26, 2016
ඇඟලුම් ක්ෂේත්‍ර සැපයුම් ප්‍රදර්ශනය (Apparel Industry Suppliers Exhibition – AISEX), ඇඟලුම් ක්ෂේත්‍රයේ සියළුම සැපයුම්කරුවන් සහ සේවා සම්පාදකයින් එකම වහලක් යටට ගෙන ඒම අරමුණු කරගත් ප්‍රදර්ශනයකි. මෙහිදී, ලෝකයේ විවිධ කලාපයන් නියෝජනය කරමින් ඇඟලුම් යන්ත්‍රෝපකරණ, අමතර කොටස් සහ සේවා විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනය කෙරෙනු ඇත.
2016 ජූනි මස 9 දින සිට 11 දින දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන කේන්ද්‍රයේදී (SBMEC) පැවැත්වීමට නියමිත AISEX 2016, සී./ස. ලංකා එක්සිබිෂන් ඇන්ඩ් කන්ෆරන්ස් සර්විසස් (Lanka Exhibition & Conference Services (Pvt.) Ltd. – LECS) පුද්ගලික සමාගම මඟින් සංවිධානය කෙරේ. මෙය ශ්‍රී ලංකා ඇඟලුම් ආයතනයේ (Sri Lanka Apparel Institute – SLAI), ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසඳයේ (Joint Apparel Association Forum – JAAF) සහ ශ්‍රී ලංකා විලාසිතා සහ ඇඟලුම් ආයතනයේ (Sri Lanka Institute of Textile and Apparel) පූර්ණ අනුමැතිය සහ සහයෝගය ඇතිව සංවිධානය කෙරේ.
ඇඟලුම් කර්මාන්තයට සම්බන්ධ සැපයුම්කරුවන්, නිෂ්පාදකයින් සහ සේවා සම්පාදකයින්හට ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා නව විසඳුම් හා ප්‍රවණතා හඳුන්වා දීමට අවස්ථාව සලසමින්, මෙම ප්‍රදර්ශනය හරහා තාක්‍ෂණික නවෝත්පාදනය පිළිබඳ අප ඇඟලුම් කර්මාන්තකරුවන්ගේ උනන්දුව වැඩි කිරීම, සංවිධායකයින්ගේ අරමුණයි. ඵලදායීත්වය සාර්ථකත්වයේ මූලික සාධකයක් වන මෙවන් කර්මාන්තයක, නව නිපැයුම් සහ නවෝත්පාදනය ඉමහත් වැදගත්කමක් උසුලයි. මෙවන් වාතාවරණයකදී, ඇඟලුම් කර්මාන්තය සඳහා වන සිය නවතම නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට AISEX මඟින් සැපයුම් සහ සේවා සම්පාදකයින් දිරිමත් කෙරෙනු ඇත. මෙහිදී ඇතිවන නව සබඳතා, යථා කාලයේදී ඒ ඒ පාර්ශ්වයන් අතර ගෝලීය සබඳතා ලෙසින් වැඩි දියුණු වනු ඇත.
ශ්‍රී ලංකාවට ආසන්නයේ, දකුණු ආසියානු කලාපය තුළ නව ව්‍යාපාර අවස්ථා උදාකර දීමද, මෙම ප්‍රදර්ශනයෙන් සිදුවේ. යුරෝපා සංගමයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් නොව කලාපීය වෙළෙඳපලවලද, සුවිශේෂී ව්‍යාපාර අවස්ථා ක්‍රමක්‍රමයෙන් ඇතිවෙමින් පවතින අතර, මේ මඟින් ඉන්දියාව වැනි සීඝ්‍රයෙන් දියුණු වන කලාපීය වෙළෙඳපල ඉලක්ක කරගැනීමට මෙරට වෙළෙඳ නාමයන්ට අවස්ථාව උදාවේ.
වසර 7ක විරාමයකින් පසු AISEX ප්‍රදර්ශනය නැවත ආරම්භ කිරීමට ප්‍රධානතම හේතුව නම් මෑතකදී දිවයිනට පැමිණි යුරෝපීය දූත පිරිස සහ GSP+ සහනය නැවත ලබාගැනීම සඳහා ඇති සුබදායක වාතාවරණයයි. නිෂ්පාදනය සැලකු කල්හි, ඇඟලුම් කර්මාන්තය සීඝ්‍ර වර්ධනයක් අත්දකිමින් පවතී. ඉහළ තත්ත්ව පාලනයකින් යුතුව, ආචාර ධර්ම පිළිපදිමින්, හොඳම පිළිවෙත් අනුගමනය කරන කර්මාන්තයක් ලෙස ඉහළ පිළිගැනීමක් ලබා ඇති ශ්‍රී ලංකාව, තවමත් ප්‍රමුඛ සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ජාත්‍යන්තරව පිළිගැනේ.
Video Story