May, 27, 2016
අානයනය කරනු ලබන වාහන සඳහා නව ඒකක බදු ක්රමයක් හඳුන්වා දීමත් සමඟම වාහන ගණනාවක මිල ගණන් සංශෝධනය වී තිබේ. මෙහිදී ඇතැම් වාහන සඳහා වන ආනයන බදු විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙන අතර තවත් මෝටර් රථ කිහිපයක බදු පහළ යාමක් වාර්තා වී ඇත.
මේ අතර මෙම බදු සංශෝධනයක් සමඟම විශාල වශයෙන් බලපෑමට ලක්ව ඇත්තේ ශ්රී ලංකාවේ වඩාත් ජනප්රිය හයිබ්රිඩ් මෝටර් රථයක් වන ටොයෝටා ප්රියස් වර්ගයේ මෝටර් රථයි. මෙම නව බදු සංශෝධනයත් සමඟම ප්රියස් රථයක නව බදු ගාස්තුව රුපියල් මිලියන 7 ඉක්මනු ලබන බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සම සභාපති නීතිඥ කෝකිල දීකිරිවැව මහතා කියා සිටියේ නව බද්දත් සමඟම ආනයනික ප්රියස් රථයක මෙරට වෙළෙඳපොළ මිල රුපියල් මිලියන 10 සීමාව ඉක්මවනු ඇති බවයි.
වාහන ආනයනකරුවන්ට අනුව එක් එක් වර්ගවල මෝටර් රථ සඳහා මෙතෙක් අය කළ බදු සහ නව බදු ගණන් පහත පරිදි වේ.
Video Story