May, 30, 2016
ගෘහ භාණ්ඩ වෙළඳ පොලේ මෙරට ප්‍රමුඛයා වන සිංගර් විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිය නිෂ්පාදන වල ක්‍රියාකාරීත්වය පිළිබඳ වීඩියෝ දර්ශන අන්තර්ජාලයට එක් කරයි. මේ අනුව සිංගර් "SHOW ME HOW"යනුවෙන් යූටියුබ් චැනලයක් සහ ස්මාර්ට්ෆෝන් ඇප් එකක් හඳුන්වාදී තිබේ.මෙම යූටියුබ් චැනලය සහ ස්මාර්ට්ෆෝන් ඇප් එක මඟින් සිංගර් පාරිභෝගිකයින්ට තමන් මිලදී ගැනීමට අපේක්ෂාකරන හෝ මිලදී ගත් ගෘහ විදුලි උපකරණ නිවැරදිව ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව ඉගෙන ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.මෙම පාරිභෝගික පහසුකම දකුණු ආසියානු කලාපයේ රටක ක්‍රියාත්මක වන ප්‍රථම අවස්ථාව මෙයයි.
සිංගර් "SHOW ME HOW" යූටියුබ් චැනලය ඔස්සේ ගෘහ විදුලි උපකරණ භාවිතයේදී සහ මුල් වරට ක්‍රියාත්මක කිරීමේ නිවැරදි ක්‍රම සහ විධි පිළිබඳව පාරිභෝගිකයින්ට මඟ පෙන්වනු ලබයි. එමෙන්ම කාලය සහ මුදල් ඉතිරිකර ගනිමින් එම උපකරණ භාවිත කරන ආකාරය ද මෙම පාරිභෝගික ආදර්ශණ වල දැක්වෙයි. තවද මෙම ක්‍රියාවලිය මඟින් ගෘහ විදුලි උපකරණ වැරදි ලෙස භාවිත කිරීමෙන් සිදුවන හානි ද වලක්වාගැනීමට අවස්ථාව හිමිවෙයි. සිංගර් මහන මැෂින්, රෙදි සෝදන යන්ත්‍ර, මයික්‍රොවේව් උදුන්, මල්ටි කුකර් සහ ග්‍රයින්ඩර් ආදී ගෘහ විදුලි උපකරණ සඳහා විශේෂයෙන් සැකසූ වීඩියෝ "SHOW ME HOW" යූටියුබ් චැනලය ඔස්සේ සහ ස්මාර්ට්ෆෝන් ඇප් එක ඔස්සේ නැරඹිය හැකිය. සිංගර් "SHOW ME HOW" ස්ටිකරය සහිත ඕනෑම ගෘහ විදුලි උපකරණයක් පිළිබඳව තොරතුරු මෙම යූටියුබ් චැනලය සහ ස්මාර්ට්ෆෝන් ඇප් එක ට ඇතුළත් කර තිබේ. මෙම් ස්ටිකරයේ ඇතුළත් QR කෝඩ් එක ස්මාර්ට්ෆෝනයක් මඟින් ස්කෑන් කළ විට ඊට අදාල වීඩියෝ පටය නැරඹීමේ අවස්ථාව හිමිවෙයි. එමෙන්ම "SHOW ME HOW" අන්ඩ්‍රොයිඩ් ඇප් එක ඩවුන්ලෝඩ් කරගැනීමෙන් ද මෙම ආදර්ශන වීඩියෝ පට නැරඹිමේ අවස්ථාව හිමිවෙයි.
මෙම නව පහසුකම හඳුන්වා දීම පිළිබඳව අදහස් දැක්වු සිංගර් ශ්‍රීලංකා හි සමූහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා සඳහන් කලේ සෑම ගෘහ විදුලි උපකරණයක් සමඟම පාරිභෝගිකයින් වෙත ලබාදෙන අත්පොත කියවීමට වඩා මෙම වීඩියෝපට නැරඹීම මඟින් එම භාණ්ඩවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් හොඳින් අවබෝධ කරගත හැකි බවයි. සිය පාරිභෝගිකයින්ගෙන් බහුතරයක් ස්මාර්ට්ෆෝන්, ටැබ් සහ පරිගණක ඔස්සේ අන්තර්ජාලය භාවිත කරන්නන් බව සඳහන් කරන අශෝක පිරීස් මහතා පෙන්වා දෙන්නේ මෙම නව පහසුකම ඔස්සේ ගෘහ විදුලි උපකරණ ස්ථානගත කිරීම සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳව පුළුල් අවබෝධයක් ඉතා පැහැදිලිවම ලබාගත හැකි බවයි.ඕනෑම ස්ථානයක සිට ඕනෑම අවස්ථාවක එම වීඩියෝපට නැරඹිය හැකි නිසා භාවිතයේදී වුව ගැටළු මතුවුවහොත් ඒවා නිරාකරණය කර ගැනීම පහසුවෙන් සිදුකළ හැකි බවද හෙතෙම පෙන්වා දෙයි.
සිංගර් සමාගමේ නවතම පියවර පිළිබදව සිය අදහස පැහැදිළි කළ සිංගර් ශ්‍රී ලංකා වෙළඳ හා අලෙවි අධ්යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා සඳහන් කළේ, සිංගර් නිරන්තරයෙන්ම සිය පරිභෝගිකයින්ට සමීප සේවාවක් සැපයීම සඳහා නවමු සංකල්ප කෙරෙහි උනන්දුවෙන් කටයුතු කරන බවයි.නව තාක්ෂණය මඟින් නව්‍ය අදහස් ක්‍රියාවට නැංවීම පහසු කරවා ඇති බව පෙන්වා දෙන විජේවර්ධන මහතා සඳහන් කළේ මෙම නව සේවාව මඟින් පාරිභෝගිකයාගේ දෛනික ජීවිතයට බාධාවකින් තොරව ක්ෂණිකව නවීන උපකරණ පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාගත හැකි බවයි.
සිංගර් ශ්‍රීලංකා දීප ව්‍යාප්තව විහිදුන ශාඛා 400 කට වැඩි ප්‍රමාණයක් ඔස්සේ සහ අලෙවියෙන් පසු දීප ව්‍යාප්ත සේවා ජාලයක් ඔස්සේ පාරිභෝගිකයාට සමීප සේවාවක් ඉටුකරයි. ලක්ෂ සංඛ්‍යාත පාරිභෝගික පිරිසකගේ දෛනික ජීවිතය සබන්ධ වන සිංගර් අංශ රැසකින් පාරිභෝගිකයාගේ ජීවින මට්ටම ඉහළ නැංවීමට දායක වෙයි. අධ්‍යාපන, ක්‍රීඩා, සෞඛ්‍ය හා සනීපාරක්ෂාව මෙන්ම පාරිසරික යන අංශ කෙරෙහිද උනන්දුවකින් කටයුතු කරන සිංගර් එම අංශ වෙනුවෙන් ප්‍රජා සත්කාර ලෙස ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර තිබේ.මේ හේතුවෙන් අඛණ්ඩව වසර 10ක් ප්රුරා මෙරට අංක එකේ “ජනතාවගේ සන්නාමය“ ලෙස ගෞරවාදරයට ද පාත්‍ර වී ඇත.
Video Story