වාහන බදු වැඩි කළාට ලීසිං කර්මාන්තය වැටෙන්නේ නැහැ

    May, 31, 2016

    නවතම බදු සංශෝධන අනුව මෝටර් රථ මිලෙහි ඉහළ යාමක් දැකිය හැකි වුවද එය ලීසිං කර්මාන්තය කෙරෙහි බලපෑමක් ඇති නොකරන බව පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී හි නියෝජ්‍ය සභාපති ප්‍රදීප් අමිර්තනායගම් මහතා පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

    “අද වන විට රටේ දැඩි වාහන තදබදයක් තිබෙනවා. ඒ වගේම විදේශ විනිමය පිටරට ඇදී යාම පාලනය කරන්නත් අවශ්‍යයි. වාහනයක් මිල දී ගන්න අවශ්‍ය කෙනා එය කෙසේ හෝ ඉටුකර ගන්නවා. බදු වැඩි වීම ගැන කතා බහ තව ටික කාලයකින් නැති වෙලා යාවි. මේ නිසා ලීසිං කර්මාන්තයට බලපෑමක් වේ යැයි මා විශ්වාස කරන්නේ නැහැ“, යැයි අමිර්තනායගම් මහතා වැඩිදුරටත් පැවසීය.

    Video Story

    Stock Market

    Exchange Rates