June, 8, 2016
පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ මහරගම ශාඛාව (අංක 215, හයිලෙවල් පාර, මහරගම) යන ස්ථානයේදී එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ඞී.පී. කුමාරගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරුණි. වැඩි ඉඩකඩ හා පහසුකම් සහිත පරිශ්රයක පිහිටි පීපල්ස් ලීසිං සමාගමේ මෙම මහරගම ශාඛාව විවෘතකිරීමේ උත්සවයට පීපල්ස් ලීසිං සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි-මෙහෙයුම්, ලක්සඳ ගුණවර්ධන හා ප්‍රධාන කළමනාකරු, නීල් තුශාන්ත යන මහත්වරු ඇතුළු ගණුදෙනුකරුවන් රැසක් සහභාගී වූහ.
පීපල්ස් ලීසිං සමාගමේ මහරගම නව ශාඛා පරිශ්‍රය විවෘත කරමින් එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරි, ඞී.පී. කුමාරගේ මහතා පැවසුවේ, ‘ජන හද හඳුනන ලීසිං’ යන්න තේමාව කරගත් අප සමාගම මෙරට ලීසිං සමාගම් අතර ප්‍රමුඛතම ලීසිං සමාගමයි. වැඩි ඉඩකඩ හා පහසුකම් සහිතව මහරගම නගරයේ මෙම නව ශාඛාව විවෘත කෙරුණේ අප සමාගමේ මහජන හිතකාමී මූල්‍ය සේවා අත්දැකීමට බොහෝ ජනාකීර්ණ මහරගම ප්‍රදේශයේ ජනතාවට වැඩි අවස්ථාවක් සලසාදීමටයි. එකම වහලක් යටින් සියලූ මූල්‍ය සේවා ඉටු කරගත හැකි සමාගමක් ලෙසින් පීපල්ස් ලීසිං ප්රකටයි. එහෙයින් ප්‍රමාදයකින් තොරව අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාගනිමින් තම ව්‍යාපාරික හා පෞද්ගලික ජීවිතය සාර්ථක කරගැනුමට මහරගම ප්‍රදේශයේ ජනතාවට හැකි වේවායි මා මෙම අවස්ථාවේ ප්‍රාර්ථනා කරනවා.’ යන්නය.
ශී‍්‍ර ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1995 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම මේ වන විට අඛණ්ඩව 14 වසරක් පුරාවට මෙරට ලීසිං ක්ෂේත්රයේ ප්‍රමුඛයා ලෙස පිළිගැනීමකට ලක්වී ඇත. පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගතකිරීම් අනුව AA - (lka) ඉහළම ණය ශ්‍රේණිගතය හිමි මූල්‍ය සමාගමක් වේ. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගතකිරීම් 2ක් හිමි එකම මූල්‍ය සමාගම මෙන්ම ආසියාවේ වඩාත් විශ්වසනීය මූල්‍ය සන්නාම අතරට එක්වීමටද පීපල්ස් ලීසිං සමාගම සමත්ව සිටී. එමෙන්ම SLIM Nielsen 2016 ජනතා සම්මාන උළෙලේදි වසරේ විශිෂ්ටතම මූල්‍ය සේවා සපයන්නා ලෙස අඛණ්ඩව 4වන වරටත් සම්මානයෙන් පිදුම් ලැබීය.
එහි විශේෂිත මූල්‍ය සේවාවන් අතර ලීසිං, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, පුද්ගලික හා ව්‍යාපාරික ණය පහසුකම්, ෆැක්ටරින්, ආන්තික වෙළඳාම (Margin Trading) සහ ඉස්ලාමීය මූල්‍ය පහසුකම් වන අතර පීපල්ස් ඉන්ෂුවරන්ස්, පීපල්ස් මයික්‍රොෆිනෑන්ස්, පීපල්ස් ලීසිං ප්‍රොපටි ඩිවලොප්මන්ට්, පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් හා පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීස් යන සමාගම් එහි අනුබද්ධිත ආයතන වෙති.
සියලූ මූල්‍ය සේවාවන් එකම ස්ථානයකින් ලබාගත හැකිවීමෙන් ගනුදෙනුකරුවන්ට තම මූල්‍ය සේවාවන් කඩිනමින් හා අවම පිරිවැයකින් සපුරාගැනීමේ අවස්ථාව සැලසීම පීපල්ස් ලීසිං සමාගමේ සුවිශේෂත්වය වේ.
Video Story