June, 8, 2016
නේක වර්ණයන්ගෙන් පැහැබර වූ, දසත පලබරිත වූ තුරු ලතාවන්ගෙන් පිරි සුවහසක් මනාල මනාලියන්ගේ සිහින සැබෑ කරන උදාවූ විවාහ මංගලමි සෘතුවේ ඔබගේ විවාහ මංගලමි සඳහා නවතම විලාසිතා වලින් වර්ණවත් වූ හමීඩියා 2016 විවාහ මංගල එකතුව ඔබේ සිතැඟියාවන්ට අනුව ඔබගේ මංගල දිනයේ ඔබව හැඩකාරයෙකු කරන්නට දැන් සුදානමින් සිටියි.
ඔබගේ මංගල දිනයේ ඔබගේ තේජවන්ත භාවය තවත් ඔප් නැංවීම සඳහා හමීඩියා 2016 විවාහ මංගල එකතුව මඟින් අලුතෙන්ම හඳුන්වා දෙන වර්ණවත් ඇත් දළ පැහැයෙන් ල කඬීඹ්ම් පැහැයෙන් හා රන්වන් පැහැයන්ගෙන් යුක්ත මනස්කාන්ත නිමාවකින් යුත් මුල් ඇඳුම් කට්ටල වර්ග 06 ක් දැන් ඔබට ලබා ගත හැකියි.
පරම්පරා තුනක මංගල ඇඳුම් නිර්මාණයෙහි විශිෂ්ඨත්වය හමීඩියා හි 2016 නවතම විවාහ මංගල විලාසිතා එකතුව තුළින් අභිමානවත් අයුරින් සමරයි. හමීඩියා හී කළමනාකාර අධමික්ෂ ෆවුසුල් හමීඩ් මහතා පවසා සිටියේ " මංගල ඇඳුමක් ගත් කල එය සෑම විටම කලට ඔබින ලෙස සමබර නිමාවකින් යුක්ත විය යුතුයි. සම්පඹ්දායට හානියක් නොකර නව විලාසිතාවන්ට අනුගතව නිර්මාණය කර ඇති අපගේ මේ නවතම විලාසිතා වලින් යුත් මංගල ඇඳුම් ඇඳීමෙන් මනමාල මහතුන්ට එක්වන කඩවසම් බව හා යශෝපභාවය නිසා තම මංගල දිනය ඉතා ශෝභමාන ලෙස වර්ණවත් කරගත හැකියි".
හමීඩියා 2016 විවාහ මංගල විලාසිතා එකතුව පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වමින් ෆවුසුල් හමීඩ් මහතා පවසා සිටියේ, "සම්ප්‍රධායට මුල් තැන දෙමින් වර්තමානයේ තාරුණ්‍ය මතුකරන විලාසිතාවන් වලට ගැලපෙන නවතම මුද්‍රණයන්ගෙන් යුත් සුවපහසු රෙදිවර්ග භාවිතා කරමින් මෙම ඇඳුම් කට්ටල නිමවා තිබෙනවා " යන්නයි.
" හමීඩියා 2016 විවාහ මංගල එකතුවේ ඇති තවත් නවතම විලාසිතාවක් වන්නේ ස්වේත , අළු හා කාල වර්ණයන්ගෙන් යුත් tuxedo කට්ටලයි. මංගල දිනයට හැඩ විය හැකි විලාසිතාවන් අතරින් ඉතා ඉහළ මට්ටමේ ඇඳුමක් වන tuxedo කට්ටල ඔබට බොහෝ වරක් පාවිච්චියට ගත හැකි අපූර්ව විලාසිතාවක්. අප ඔබ හමුවට ගෙන එන විවාහ මංගල එකතුවේ ඇති tuxedo කට්ටලහි වර්ණයන් වල හා යොදාගෙන ඇති රෙදි වර්ගයන් හි සුළු වෙනසකම් කිහිපයක් සිදු කර තිබෙනවා" යැයි පවසන හමීඩ් මහතා ලා පැහැති සැහැල්ලු වර්ණයන් දිවා කාලයටත් තද වර්ණයන් සවස් කාලයටත් උචිත බව සඳහන් කරයි.
මෙම නව විලාසිතා එකතුව තුළින් විවිධ උත්සවය සඳහා ඇඳිය හැකි ලොම්, ලිනන් හා සේද රෙදි වලින් නිමවූ නවතම මාදිලියේ විලාසිතා රැසක්ද ඔබට දැන් ලබා ගත හැකියි. මේ පරාසයේ ඇඳුම් නිල් (Navy blue)ල, මෙරූන්, අළු හා දම් පැහැයන්ගෙන් යුත් විවිධ වර්ණ රැසකින් සමන්විත වෙයි. මෙහි විවිධ වූ විලාසිතා වර්ග 12 කින් සමන්විත වූ කමිස ඇති අතර කරපටියේ සිට බොත්තම්, කෆ්ලින්ක් ඇතුළු අනෙකුත් සියළුම අංගයන්ගෙන් ද සමන්විත වේ. නව ආයිත්තම් වන ඉන කබා , ටයි පටි, බඳ පටි, කබා පටි, බෝ පටි යන සියල්ලෙන් ද මෙය අංග සම්පුර්ණ වේ.
"මෙම නව මංගල විලාසිතා එකතුවේ අරමුණ වන්නේ විවාහ වීමට සිටින මනමාලයන් හට තම මංගල දිනයේ ඇඳුම් ආයිත්තම් යන සියළුම දෑ එකම ස්ථානයකින් ලබා දීමට කටයුතු කිරීමයි. මම විශ්වාස කරනවා සෑම මනමාලයෙකුම තම ජිවිතයේ අමතක නොවන එම සුවිශේෂි දිනයේ තම ගතට සරිලන තම පෞරුෂත්වය විදහා දැක්විය හැකි ඇඳුම් වලින් සැරසි සිටිය යුතු බව. මේ සඳහා ඔබගේ පැහැයටල ශරීරයට ගැලපෙන පරිදි නවතම විලාසිතා වලින් යුත් ඔබ කැමති ආකාරයේ ඇඳුම් නිර්මාණය කර දීමට ඔබ වෙනුවෙන් අප නිර්මාණකරුවන් නිරන්තරයෙන් සැදී පැහැදී සිටිනවා." යැයි හමීඩ් මහතා තවදුරටත් පැහැදිලි කර සිටියි.
Video Story