November, 11, 2024
අනාගතයේ ස්ථාපිත වන කර්මාන්ත හා දැනට භාවිතා වන කර්මාන්ත ශාලා පරිසර හිතකාමී හරිත කර්මාන්ත බවට පත් කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ලය කටයුතු කරමින් සිටී.
ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක ආයෝජන කලාප කිහිපයක් මේ වනවිටත් මෙම ක්‍රමයට අනුගත වෙමින් හරිත ආයෝජන කලාප බවට පරිවර්තනය වීමේ කාර්යයේ යෙදී සිටින බව ආයෝජන මණ්ඩලය කියයි.
පරිසරයට මුදා හරින කාබන් ප්‍රමාණය අවම වන ලෙස කර්මාන්ත ශාලා භාවිතාකරණ යන්ත්රසූත්ර උත්ශ්‍රේණි කිරීම හා අලුතින් ආරම්භ කරන කර්මාන්ත සදහා පරිසර හිතකාමි යන්ත්‍ර පමණක් භාවිතය සදහා අනුමැතිය ලබාදිම ශ්‍රී ලංකා ආයෝජන මණ්ලය මේ වනවිටත් සිදු කරයි.
මෙහි තවත් පියවරක් ලෙස මෙම කේෂ්ත්‍රයට පිවිසෙන නවක වෘත්තිකයින් සදහා න්‍යායික හා ප්‍රායෝගික දැනුම ලබා දීම අරමුණු කර ගනිමින් ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය හා එක්ව ශ්‍රී ලංකා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් හට සීමාවාසික පුහුණුවක් ලබා දීමට ද ආයෝජන මණ්ඩලයේ පරිසර දෙපාර්තමේන්තු ඉකුත්දා පියවර ගත්තේය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ පරිසර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ අසංක වෙලගෙදර මහතාගේ මෙහෙයවීමෙන් සහකාර අධ්‍යක්ෂිකා ටෙරන්සි සමරවික්‍රම, පරිසර පර්යේෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ පරිසර නිලධාරි සනුද්ධික වීරසිංහ යන මහත්ම මහත්මීන් හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් වන ආචාර්ය ප්‍රදීප් ගජනායක, ආචාර්ය උදයගී කුමාරසිංහ සහ ආචාර්ය ඩී ජේ .ජයසංඛ යන මහත්ම මහත්මීන් මෙම සීමාවාසික පුහුණු වැඩසටහනහා පර්යේෂණ මෙහෙය වීම සදහා අභ්‍යන්තර අධීක්ෂකවරුන් ලෙස කටයුතු කළහ.
සීමාවාසික පුහුණුව අවසන් කළ කණ්ඩායම සිය පර්යේෂණ ප්‍රතිඵල ඉදිරිපත් කිරීම පසුගියදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් රේණුකා එම් .විරකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට සියළුම අංශ ප්‍රධානීන්ද සහභාගි වූහ.
මෙහිදී අදහස් දැක්වූ අධ්යක්ෂ ජනරාල් රේණුකා එම් .විරකෝන් මහත්මිය මෙම නවක වෘත්තිකයන්ගේ පර්යේෂණ ,දැනුම හා සංකල්ප තිරසාර කාර්මික සංවර්ධනයකට වඩා වැදගත් බව සදහන් කළාය.මෙම දැනුම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කාර්යන් සදහාද එක් කර ගන්නා ලෙසත් අනාගතයට එක්වන වෘත්තිකයන්ට මෙවැනි අත්දැකිම් ලබාදීමේ ඵලදායි බවද පැවසුවාය.
මෙම න්‍යායික, ප්‍රායෝගික හා පර්යේෂණ පුහුණුවේදී ශ්‍රී ලංකාවේ කර්මාන්ත අංශයට අතිශයින් අදාළ සහ වැදගත් වන සවිස්තරාත්මක අංශ කීපයක් පිළිබදව අවධානය යොමු විය. මෙහිදී කර්මාන්ත ශාලාවල භාවිතා කරන බොයිලේරු මෙහෙයුම් සඳහා කාර්මික බොයිලේරු ඉන්ධන තක්සේරු කිරීම සඳහා මාර්ගෝපදේශය, තිරසාර කාර්මික කලාපයක් සඳහා හරිත ශ්‍රේණිගත කිරීමේ පද්ධතියක් සංවර්ධනය කිරීම, කාබනික රබර් මෙට්ට නිෂ්පාදන කර්මාන්තය ප්රශස්ත කිරීම සඳහා ජල පියසටහන ගණනය කිරීම, තිරසාර බලශක්ති නිෂ්පාදනය සඳහා ජීව විද්‍යාත්මකව පිරිපහදු කළ රොන්බොර (sludg) කැලරි වටිනාකම වැඩි කිරීම සහ කැටිති බවට පත්කිරීම (palletization) සහ කාබනික රබර් මෙට්ට නිෂ්පාදනයේ කාබන් පියසටහන තක්සේරු කිරීම සහ අඩු කිරීම යන පර්යේෂණ කේෂ්ත්‍ර පිළිබදව විශේෂ අවධානය යොමු විය.
ඡායාරූ විස්තරය - “තිරසාර බොයිලේරු මෙහෙයුම් සඳහා කාර්මික බොයිලේරු ඉන්ධන තක්සේරු කිරීමේ මාර්ගෝපදේශය” මැයෙන් පුහුණුව නිමකළ කණ්ඩායම විසින් සම්පාදනය කළ පර්යේෂණ කෘතිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් රේණුකා එම්. වීරකෝන් මහත්මියට ජෛව පද්ධති හා තාක්ෂණ ප්‍රථම පන්තියේ උපාධිධාරිනී මධුෂානි ගුණවර්ධන ශිෂ්‍යාව විසින් පිළිගන්වන අයුරු. මෙම අවස්ථාවට සහභාගි වූ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ පරිසර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ අසංක වෙලගෙදර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය උදයගී කුමාරසිංහ යන මහත්ම මහත්මීන් ද ඡායාරූපයේ වෙති.