අනිලානා ආන්දෝලනාත්මක අවුලක

    June, 10, 2016

    අනිලානා හොටේල්ස් ඇන්ඩ් ප්‍රොපටීස් පීඑල්සී ඈවර කරන ලෙස මිලේනියම් හවුසින් ඩිවලොපර්ස් පීඑල්සී විසින් ඊයේ (09) දිනයේ දී කොළඹ මහාධිකරණයෙන් ඉල්ලීමක් සිදුකිරීමත් සමඟම අනිලානා සමාගම් සම්බන්ධයෙන් මේ වන විට ආන්දෝලානාත්මක තත්ත්වයක් පැන නැඟී තිබේ.

    අනිලානා විසින් මිලේනියම් හවුසින් වෙතින් ලබා ගත් රුපියල් මිලියන 17 ක ණය මුදලක් ගෙවීම පැහැර හැරීම නිසා මිලේනියම් හවුසින් මෙම නීතිමය පියවර කරා යොමු වී ඇත.

    මෙම තත්ත්වය හේතුවෙන් අද දින උදෑසන අනිලානා හෝටේල්ස් ඇන්ඩ් ප්‍රොපටීස් හි කොටස් ගනුදෙනු අත්හිටුවීමට කොළඹ කොටස් වෙළෙඳපොළ බලධාරීන් පියවර ගනු ලැබූ අතර පස්වරුව 1.45 ට එම අත්හිටුවීම ඉවත් කිරීමට කටයුතු යෙදිණි. ඒ අනිලානා හෝටේල්ස් ඇන්ඩ් ප්‍රොපටීස් හි කළමනාකාර අධ්‍යක්ෂ අසංග සෙනෙවිරත්න මහතා විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ දැනුම් දීමකින් පසුවය.

    පහත දැක්වෙන්නේ අදාළ නිවේදනයයි.

    Video Story

    Stock Market

    Exchange Rates