බ්ලූ ඩයමන්ඩ් චීන අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු ඉල්ලා අස්වෙයි

    June, 13, 2016

    බ්ලූ ඩයමන්ඩ් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සී හි අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු වන යැංග් චොංග් හා ගුඕ වෙල් යන අය පසුගිය ජූනි 06 වැනිදා සිට සිය තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ. මේ සම්බන්ධයෙන් කොලඹ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් සමාගමේ සභාපතිවරයා වන Xia Liquiang කියා සිටින්නේ අදාළ හිටපු අධ්‍යක්ෂවරුන් දෙදෙනා සමාගමේ කොටස්කරුවන් නොවන බවයි.

    බ්ලූ ඩයමන්ඩ් සමාගම විසින් සිදුකරන ලද හිමිකම් නිකුතුවෙන් ලද අරමුදල් අවභාවිතය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් පැවැත්වෙන අතර සමාගමේ කොටස් ගනුදෙනු අත්හිටුවීමට සුරැකුම්පත් හා විනිමය කොමිසම පියවර ගෙන තිබේ.

    මේ අතර සමාගමේ සභාපතිවරයා විසින් පසුගියදා සිදුකරන ලද කොටස් අලෙවියක්, යහපත් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වයකට හානිදායක ගනුදෙනුවක් ලෙසින් හඳුනාගෙන තිබෙන ඒ හේතුවෙන් කොටස් තැරැව්කාර සමාගම විසින් බ්ලූ ඩයමන්ඩ් සභාපතිවරයා හට පියවිය යුතු ගෙවීම ද මේ වන විට අත්හිටුවා ඇත.