September, 9, 2025
මාස 9ක් ඇතුළත තෙවන ප්‍රධාන තරුණ ක්‍රීඩා පුහුණු වැඩසටහන හරහා ශ්‍රී ලංකා පාපන්දු ඇකඩමියේ දිගුකාලීන හවුල්කාරිත්වය තහවුරු කරයි
AC Milan පාපන්දු සමාජය, Colombo Athletic and Football Academy සමග ඇති කරගත් හවුල්කාරිත්වය තවත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඔවුන්ගේ දෙවන AC Milan ඇකඩමි කඳවුර නිවේදනය කරයි. මෙය, පසුගිය මාස නවය තුළ ශ්‍රී ලාංකික තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පැවැත්වෙන තෙවන ප්‍රධාන පාපන්දු පුහුණු වැඩසටහන වීම විශේෂත්වයකි.
ලෝක මට්ටමේ පුහුණු අවස්ථා මෙලෙස නිරන්තරයෙන් ලබාදීමෙන් පැහැදිලි වන්නේ, මේවා තාවකාලික සිදුවීම් නොවන බවයි. ඒ වෙනුවට, Colombo Football Academy සහ AC Milan අතර පවතින මෙම සහයෝගීතාවය ශ්‍රී ලාංකික තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා විධිමත්, දිගුකාලීන පාපන්දු සංවර්ධන මාර්ගයක් නිර්මාණය කිරීම අරමුණු කරගත් ක්‍රමවත් වැඩසටහනකි.
2025 සැප්තැම්බර් 8 වනදා සිට 13 වනදා දක්වා පැවැත්වෙන මෙම කඳවුරට අවුරුදු 6-17 අතර පිරිමි සහ ගැහැණු ළමුන් දෙපාර්ශවයටම සහභාගී වීමට අවස්ථාව සැලසේ. මෙය තරුණ ක්‍රීඩකයින් සඳහා අනුගමනය කරන පුළුල් ප්‍රවේශයක් තහවුරු කරයි. මෙම වයස් කාණ්ඩය මගින් සෑම සංවර්ධන අවධියකම සිටින ළමුන්ට AC Milan හි ප්‍රසිද්ධ පුහුණු ක්‍රමවේදවලින් ප්‍රයෝජන ගැනීමට හැකි වන අතර, පළපුරුදු Rossoneri පුහුණුකරුවන් යටතේ Colombo Football Academy හි දේශීය විශේෂඥ දැනුම සමග පුහුණුව ලබා ගැනීමට අවස්ථාව හිමි වේ.
මෙම කඳවුරු මගින් තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තාක්ෂණික කුසලතා ඉහළ නැංවීමට අමතරව, AC Milan Method මත පදනම් වූ පුළුල් ප්‍රවේශයක් ඔස්සේ ඔවුන්ගේ ශාරීරික හා මානසික යහපැවැත්ම කෙරෙහි ද අවධානය යොමු කරයි. උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ නගර 23ක් පුරා Milan Junior Camp ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් පසුව, AC Milan හි ගෝලීය ව්‍යාප්තියේ තවත් වැදගත් පියවරක් මෙය නියෝජනය කරයි.
ක්‍රීඩාව නූතන ලෝකයේ නිරන්තරයෙන් වෙනස් වන අතර, ශ්‍රී ලංකාවේ තරුණයින් අතර ක්‍රීඩාව කෙරෙහි ඇති වන නව උනන්දුවත් සමග, මෙම ව්‍යාපෘතිය යුරෝපීය සම්ප්රදායන්ගෙන් පැමිණි පිළිගත් උරුමයක් ගෙන එමින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංස්කෘතියට නව ජවයක් ලබා දෙනු ඇත.
Colombo Athletic & Football Club හි සභාපති Ajai Vir Singh මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය: "මෙය ශ්‍රී ලංකාවේ පාපන්දු සහ ක්‍රීඩා අධ්‍යාපනයේ නව යුගයක ආරම්භයයි. AC Milan ඔවුන්ගේ වසර 125ක උරුමය සහ සාර්ථක කතාව අපගේ ඊළඟ පරම්පරාව සඳහා පුළුල් පුහුණු ව්‍යූහයක් ලෙස ගෙන එයි. මෙය අවුරුදු 5-17 අතර පිරිමි සහ ගැහැණු ළමුන් සඳහා ඔවුන්ගේ උපරිම හැකියාවන් කරා ළඟා වීමට දොරටු විවර කරනු ඇත. පෝෂණය, මානසික සෞඛ්‍යය, ශක්ති පුහුණුව සහ තවත් බොහෝ දේ ආවරණය වන පරිදි ක්‍රමවත් ක්‍රීඩා ප්‍රවේශයක් හඳුන්වා දෙනු ඇත.”
Colombo Athletic & Football Club හි සභාපති Ajai Vir Singh මහතා තවදුරටත් මෙසේ පැවසීය: "අප දකින්නේ ශ්‍රී ලංකා පාපන්දු පුහුණුවේ පෙර නොවූ විරූ දෙයක්. මාස නවයක් ඇතුළත ලෝක මට්ටමේ වැඩසටහන් තුනක් පැවැත්වීම අහම්බයක් නොවෙයි, එය උපායමාර්ගික හවුල්කාරිත්වයක්. AC Milan හි අඛණ්ඩ ආයෝජනය, ක්‍රීඩකයින් පමණක් නොව, අපේ රටේ ක්‍රීඩා සහ පාපන්දු සංස්කෘතිය දියුණු කිරීමට ඔවුන්ගේ කැපවීම සනාථ කරයි.”
Colombo Athletic & Football Club ආරම්භ කරන ලද්දේ ශ්‍රී ලංකාවේ ඊළඟ පරම්පරාව සඳහා ක්‍රීඩාවට විද්‍යාත්මක හා ක්රමානුකූල ප්‍රවේශයක් ගෙන ඒමේ ප්‍රධාන අරමුණ ඇතිවය. එහිදී පාපන්දු ක්‍රීඩාවට පමණක් සීමා නොවී, සමස්ථ මනස සහ ශරීරය සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරයි.
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඉතාලි තානාපති H.E. Damiano Francovigh මහතා සිය උද්යෝගය පළ කරමින් මෙසේ පැවසීය: “Colombo Athletic and Football Club Academy සහ AC Milan අතර සහයෝගීතාවය, ශ්‍රී ලංකාවේ තරුණ පාපන්දු ක්‍රීඩකයින්ට ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමටත්, ලෝකයේ වඩාත්ම කීර්තිමත් පාපන්දු සමාජයක් සමඟ සම්බන්ධ වීමටත් අද්විතීය මාර්ගයක් නියෝජනය කරයි. මෙම හවුල්කාරිත්වය ඉතාලිය සහ ශ්‍රී ලංකාව සමීප කරනු ඇතැයි මම විශ්වාස කරන අතර, පොදු උනන්දුව, සංස්කෘතික හුවමාරුව සහ අභිලාෂයන් හරහා නව පරම්පරාවේ පිරිමි සහ ගැහැණු ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෙළඹවීමට මෙය හේතු වනු ඇත. මේ අර්ථයෙන් ගත් කල, ක්‍රීඩාව, විනය, අන්තර්ග්‍රහණය, කණ්ඩායම් හැඟීම සහ ගෞරවය වැනි වටිනාකම් ප්‍රවර්ධනය කරන පාලමක් බවට පත් වේ. මේවා පිටියේදී සහ පිටියෙන් පිටතදී කල් පවත්නා සම්බන්ධතා ගොඩනැගීමට අත්‍යවශ්‍ය මූලිකාංග වේ. මෙම ආශ්වාදජනක ගමනේ ඉදිරි ජයග්‍රහණ දැකීමට මම බලාපොරොත්තු වෙමි.”
Colombo Athletic and Football Club හි අධ්යක්ෂ Fouzul Hameed මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය: “මෙම ව්‍යාපෘතිය විශිෂ්ට ප්‍රගතියක් ලබා ඇති බව මට හැඟෙනවා. ජාත්‍යන්තර පුහුණු කඳවුරු තුනක්, කොළඹ දෙකක් සහ මිලාන්හි එකක් පැවැත්වීම ශ්‍රී ලංකාවේ ඕනෑම ආයතනයක් විසින් කරන ලද පළමු අවස්ථාවයි. සැබෑ ජාත්‍යන්තර සහයෝගීතාවයකින් යුත් පාපන්දු ඇකඩමියක් කරන්නේ මෙයයි. මෙය ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවට සහ තරුණයින්ට විශාල සිහින දැකීමට ලැබුණු විශිෂ්ට අවස්ථාවක්. එය අපගේ ක්‍රීඩකයින්ගේ අනාගත පාපන්දු වෘත්තීය දියුණුවට උපකාර වනු ඇත.”
Cinnamon Grand Colombo, දෙවන වරටත් AC Milan Junior Camps හි නිල සත්කාරක සහයෝගීතාවය ලබා දෙයි. එයින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංචාරක ව්‍යාපාරයට සහාය වීමට හෝටල් කර්මාන්තයේ ඇති කැපවීම පෙන්නුම් කරයි. Cinnamon Grand Colombo හි සාමාන්‍යාධිකාරී Nazoomi Azhar මහතා මෙම අඛණ්ඩ හවුල්කාරිත්වය අවධාරණය කරමින් මෙසේ පැවසීය: “දෙවන වරටත් මෙම කීර්තිමත් වැඩසටහනට සහාය වීමට ලැබීම Cinnamon Grand Colombo වෙත ගෞරවයකි. AC Milan සහ Colombo Athletic & Football Club සමඟ අපගේ අඛණ්ඩ සත්කාරක හවුල්කාරිත්වය හරහා, ජාත්‍යන්තර ක්‍රීඩා වැඩසටහන් පැවැත්වීමට ශ්‍රී ලංකාවේ ඇති හැකියාව මනාව පිළිබිඹු කරන අතර, ක්‍රීඩා සංචාරක ව්‍යාපාරය සහ තරුණ සංවර්ධන වැඩසටහන් සඳහා අපගේ ජාතිය ප්රමුඛස්ථානයක තැබීමට මෙය උපකාරී වේ.”
Colombo Athletic and Football Club හි අධ්යක්ෂ Trevor Reckerman මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය: “අපි අපගේ සිසුන් සාර්ථකත්වය සඳහා පරීක්ෂා කර බැලූ ජාත්‍යන්තර ක්‍රමවේදයකට නිරාවරණය කිරීම කෙරෙහි අවධානය යොමු කරමු. මෙවැනි වැඩසටහනක් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යව තිබුණා. මෙමගින් තරමක් නිද්‍රාශීලී වී තිබූ ක්‍රීඩාවකට නව ජීවයක් ලබා දීමට විශාල අවස්ථාවක් ලැබෙනවා.”
මෙම අඛණ්ඩ සත්කාරක හවුල්කාරිත්වය පාපන්දු වැඩසටහනට සහය වීම පමණක් නොව, ජාත්‍යන්තර ක්‍රීඩා සංවිධානවලට ලෝක මට්ටමේ අත්දැකීම් ලබා දිය හැකි ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ වර්ධනය වන කීර්තිය ද ඉස්මතු කරයි. මෙම සහයෝගීතාවය තුළින් ක්‍රීඩා සංවර්ධනය සහ සංචාරක ව්‍යාපාරය, රටේ පුළුල් ආර්ථික හා සංස්කෘතික සංවර්ධනය සඳහා එකට ක්‍රියා කළ හැකි ආකාරය පෙන්නුම් කරයි.
ශ්‍රී ලංකාවේ Primar අඛණ්ඩව ක්‍රීඩා සංවර්ධනයට සහය දක්වයි. Ceylon Agro Industries (Prima Group Sri Lanka) හි සාමාන්‍යාධිකාරී Sajith Gunaratne මහතා මෙසේ පැවසීය: “Milan Junior Camps ශ්‍රී ලංකාවේ දියත් කිරීම සඳහා ගෝලීය වශයෙන් ප්‍රසිද්ධ AC Milan සමඟ හවුල් වීමට ලැබීම අපට සතුටක්. මෙම කඳවුර සඳහා අපි ශිෂ්‍යත්ව පහක් ලබා දී තිබෙනවා. තරුණයින්ට කතා කරන සන්නාමයක් ලෙස, අපි පාපන්දු ක්‍රීඩකයින් වීමට අපේක්ෂා කරන තරුණයින් සඳහා අවස්ථා නිර්මාණය කිරීමට විශ්වාස කරනවා. මෙම කඳවුරු මගින් ඊළඟ පරම්පරාව විශාල සිහින දැකීමට පොලඹවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.”
Colombo Athletic and Football Club, ශ්‍රී ලංකාවේ ඊළඟ පරම්පරාව අතර ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා සමාන වටිනාකම් බෙදා ගන්නා සමාන අදහස් ඇති සන්නාමයන් සමග හවුල් වී ඇත. Omega Line, Powertech Cement, Cinnamon Grand Colombo, Prima, Servo, Sozo, 3M/Mobil, Hardtalk ඒ අතර වේ.
Colombo Football Academy සහ AC Milan අතර මෙම සහයෝගීතාවය සාම්ප්‍රදායික කඳවුරු ආකෘති ඉක්මවා යයි. එය තරුණ ක්‍රීඩා සංස්කෘතියේ කල් පවත්නා වෙනසක් ඇති කිරීම සඳහා නිර්මාණය කර ඇති නිත්‍ය, ඉහළ බලපෑමක් ඇති කරන වැඩසටහන් හරහා ශ්‍රී ලංකා පාපන්දු සංවර්ධනය සඳහා වූ ස්ථිර කැපවීමක් නියෝජනය කරයි.
Colombo Athletic and Football Academy කොළඹ නගර මධ්‍යයේ සතියකට තුන් වරක් පුහුණුවීම් සිදු කරන අතර, ක්‍රීඩා ලෝලීන්ට නව ආකාරයකින් ක්‍රීඩාව අත්විඳීමට ආරාධනා කරයි.