January, 16, 2026
ගෝලීය ඩිජිටල් සංචාරක වෙබ් අඩවියක් වන Agoda , සිය මාසික සංචාරක මාර්ගෝපදේශයන්ට අනුව 2026 වසරේ මැයි මාසයේ දී ආසියාවේ සංචාරයට වඩාත් සුදුසුම ගමනාන්තය ලෙසින් ශ්‍රී ලංකාවේ වානිජ අගනගරය වන කොළඹ නගරය නම් කර තිබේ. ඒ මැයි මාසයේ දී වෙසක් පොහොයට සමගාමීව කොළඹ නගරය පුරා සංවිධානය කෙරෙන විවිධ වැඩසටහන් සහ ඉසව්වල අත්දැකීම ලබා ගැනීමට සංචාරකයින්හට ඇරයුම් කරමිනි.
වෙසක් මාසය තුළ කොළඹට පැමිණෙන සංචාරකයින්හට විචිත්‍රවත් පහන් කූඩු සංදර්ශන, ආගමික වතාවත් මෙන්ම රාත්‍රියේ වීදි සංචාරය කෙරෙන පෙරහැර අසිරිය අත්විඳිය හැකි බවත්, එමඟින් ශ්‍රී ලංකාව පුරා විහිදී ඇති බෞද්ධ සම්ප්‍රදායන් පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගත හැකි බවත් Agoda වෙබ් අඩවිය පවසයි.
සෘතුමය කාලගුණික තත්ත්වයන්, සංස්කෘතික සිදුවීම් සහ කලාපය පුරා විසිරී ඇති අද්විතීය දේශීය අත්දැකීම් මත පදනම්ව, සංචාරකයින්ට ඔවුන්ගේ සංචාරයන් සැලසුම් කිරීමට උපකාර කිරීම අරමුණු කරගත් “Where to Travel Each Month in 2026 Across Asia” යන පදනම යටතේ Agoda විසින් එහි වාර්ෂික මාර්ගෝපදේශයන් නිකුත් කිරීමත් සමඟ මෙම පිළිගැනීම ශ්‍රී ලංකාවට හිමි වී තිබේ.
සංචාරකයින් 2026 වසරේ ඔවුන්ගේ විදෙස් සංචාරයන් පෙර සිට සැලසුම් කිරීමේ දී, ආසියාව තුළ සංචාරය කිරීමට කාලෝචිත හේතු මොනවාද යන්න සමන්විත දින දර්ශනයක් Agoda සිය වෙඩ් අඩවිය හරහා ඉදිරිපත් කරන අතර එහි දේශීය සම්ප්‍රදායන් තුළ මුල් බැසගත් අවස්ථාවන්ගේ සිට සෘතුමය කාලගුණික තත්ත්වයන් අනුව හැඩගැසුණු භූ දර්ශන දක්වා, සංචාරය කළ යුත්තේ කවදාද, සංචාරය කිරීමට සුදුසු ස්ථාන මොනවා ද, යන්න තෝරා ගැනීමට සංචාරකයන් හට අවස්ථාව හිමි වනු ඇත.
ඒ අනුව මැයි මාසය සඳහා සංචාරය කිරීමට සුදුසුම ගමනාන්තය ලෙස මෙමගින් කොළඹ නම් කර ඇති අතර, එම ලැයිස්තුවේ ජනවාරි මාසය සඳහා ඉන්දියාවේ හම්පි, පෙබරවාරි මාසය සඳහා ජපානයේ ටකායාමා, මාර්තු මාසය සඳහා වියට්නාමයේ ඩියන් බියන් ෆු සහ දෙසැම්බර් මාසය සඳහා තායිලන්තයේ කෝ ලන්ටා ඇතුළුව වසරේ සෑම මාසයක්ම ආවරණය වන පරිදි ආසියාව පුරා විහිදි ඇති විවිධ සංචාරක ගමනාන්තයන් ඊට ඇතුළත් කර ඇත.
January – Hampi, India
January's cooler temperatures make walking between Hampi's ancient temples and boulder-strewn landscapes more comfortable. The dry season also reveals the scale of this UNESCO World Heritage Site, where history and nature sit side by side.
February – Takayama, Japan
Takayama's winter setting gives the town a quiet, postcard look, with snow settling on traditional wooden houses. February travel also allows easy access to nearby Shirakawa-go, where traditional thatched roof gassho-style farmhouses stand against alpine scenery.
March – Dien Bien Phu, Vietnam
March aligns with the Ban Flower Festival, when blooms cover the surrounding hills and cultural performances fill public spaces. The timing offers a chance to experience local life during one of the area's most celebrated periods.
April – Taitung, Taiwan
Mild spring weather makes April a comfortable time to explore Taitung's coastline and rural landscapes. The start of the Taitung Balloon Festival adds color to the sky and draws visitors beyond the city center.
May – Colombo, Sri Lanka
Wesak Day brings communities together through lantern displays, temple visits, and evening processions. Traveling during this period offers insight into Buddhist traditions that shape daily life across the market.
June – Hangzhou, China
June marks the Dragon Boat Festival, when rivers become racecourses and spectators line the banks. The festival also centers on sharing zongzi (sticky rice dumplings), tying food traditions closely to the celebration.
July – Boryeong, South Korea
Held at Daecheon Beach, the Boryeong Mud Festival turns the coastline into a playground of mud-based activities. July's warm weather suits the event's outdoor focus, mixing humor and shared participation.
August – Ipoh, Malaysia
August offers conditions suited for exploring Ipoh's cave temples, heritage buildings, and street art lanes. The city's food scene also makes it easy to structure days around markets and local cafes.
September – Luang Prabang, Laos
As the rainy season eases, September reveals green hills and full waterfalls around Luang Prabang. The timing supports slower travel, with space to explore temples and riverbanks without peak-season crowds.
October – Chiang Mai, Thailand
October coincides with Yi Peng, when lanterns lift into the night sky across Chiang Mai. The festival creates a temporary transformation of the city, blending ritual with visual spectacle.
November – Jaipur, India
The November Diwali festival fills streets and homes with lamps, fireworks, and shared meals. Visiting during the Festival of Lights places travelers in the center of celebrations that emphasize renewal and connection.
December – Koh Lanta, Thailand
December brings steady weather and calm seas to Koh Lanta, making it suitable for beach days and boat trips. The island's quieter pace offers a relaxed way to close out the year with beautiful sunsets and serene nature.
Video Story