November, 11, 2025
Agro Harvest Cultivation පෞද්ගලික සමාගමට අයත් ගැඩවිල් පණු පොහොර (Vermicompost Fertilizer) නිෂ්පාදනාගාරය විවෘත කිරීම සහ එම පොහොර වෙළෙඳපොළට නිකුත් කිරීම පසුගියදා සිදු කෙරිණි. මාතලේ පිහිටි අති නවීන පහසුකම්වලින් සමන්විත පොහොර නිෂ්පාදනාගාරය සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ආනයනය කර ඇත්තේ චීනයෙනි. මේ වන විට එහි නිෂ්පාදනය කර ඇති පොහොර ප්‍රමාණය ටොන් 150කට අධිකය. දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් උසස් ප්‍රමිතිවලට අනුව නිෂ්පාදන සහ ජීවානුහරණ කටයුතු සිදු කෙරේ. Agro Harvest Cultivation ගැඩවිල් පණු පොහොර අපනයනය කරන පළමු ශ්‍රී ලාංකික සමාගම බවට පත් වීම සුවිශේෂ සන්ධිස්ථානයකි. ඩුබායි රාජ්‍යය දැනටමත් පොහොර ටොන් 500ක ඇණවුමක් දී ඇත. යුරෝපා රටවල් ගණනාවක් පොහොර මිල දී ගැනීමට කැමැත්ත පළ කර ඇති අතර චීනයද ඒ පිළිබඳ සාකච්ඡා ආරම්භ කර තිබේ. පොහොර අපනයනය කිරීමට ජාතික ශාක නිරෝධායන සේවය, ජාතික පොහොර ලේකම් කාර්යාලය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ සියලු ආයතනවල අනුමැතිය ලබා ඇත.
දේශීය වෙළෙඳපොළ සැළැකීමේදී මීගමුව, මාතර, අකුරැස්ස, මාතලේ, දඹුල්ල, අම්පාර, දෙහිඅත්තකණ්ඩිය, මඩකලපුව සහ යාපනය යන ප්‍රදේශවල පිහිටි Agro Harvest Cultivation ශාඛා හරහා පොහොර අලෙවි කිරීමට කටයුතු යොදා තිබේ. දිවයින පුරා පිහිටි සුපිරි වෙළෙඳසැල් හරහාද බෙදා හැරීමට නියමිතය. ප්‍රදේශ කිහිපයක නිෂ්පාදනාගාර විවෘත කිරීමටත්, ඒ හරහා ග්‍රාමීය ප්‍රජාවට රැකියා අවස්ථා සැපැයීමටත් සැළැසුම් කර ඇත. "ලෝක ජනගහණයෙන් සැළැකිය යුතු පිරිසක් වකුගඩු ආබාධ, පිළිකා සහ වෙනත් බෝ නොවන රෝගවලට ගොදුරු වෙනවා. ඒ සඳහා ප්‍රධාන හේතුව ආහාර නිෂ්පාදනය සඳහා යොදා ගන්නා විවිධ රසායනික ද්‍රව්‍ය. රටවල් රැසක් සම්පූර්ණයෙන්ම කාබනික කෘෂිකර්මාන්තය වෙත යොමු වෙලා අවසන්. අසල්වැසි ඉන්දියාවත් කෘෂිකාර්මික කටයුතුවලින් 50%ක් සිදු කරන්නේ කාබනික පොහොර භාවිතයෙන්. එවැනි පසුබිමක අපේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් මීට වසරකට පෙර සැළැසුම් කළ වැඩසටහනක් සාර්ථක කර ගැනීමට ලැබීම විශාල ජයග්‍රහණයක්." නාලක සිල්වා මහතා සඳහන් කළේය. කෘෂිකාර්මික අස්වැන්න ඉහළ නංවන අතර ගොවි ජනතාව බල ගැන්වීම සහ පාරිසරික තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීම Agro Harvest Cultivation සමාගමේ ප්‍රධාන අරමුණයි. විශාල පරාසයක විහිදී ඇති නිෂ්පාදන සහ සේවා රැසක් එම සමාගම වෙතින් සපයයි.