AHTIC සමුළුවේ නිල වෙබ් අඩවිය ජනපති අතින් විවෘත කෙරේ

    July, 6, 2016

    මෙම වසරේ නොවැම්බර් 27 වන දින සිට 29 වනදා දක්වා කොළඹදි පැවැත්වීමට නියමිත ආසියානු හෝටල් සහ සංචාරක කර්මාන්ත සමුළුව හෙවත් AHTIC සමුළුව (Asia Hotel and Tourism Investment Conference) අතර එහි නිල වෙබ් අඩවිය විවෘත කිරීම අද (05) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනාධිපති නිල නිවසේදී සිදු විය.

    ආසියානු කලාපයේ හෝටල් සහ සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් පළමු වතාවට මෙම සමුළුව පවත්වනු ලැබේ.

    ඒ අනුව www.asia-conference.com වෙබ් අඩවිය ඔස්සේ සමුළුව පිළිබද තොරතුරු ලබාගත හැකිය.

    මේ අතර එම සමුළුව සඳහා නිල ආරාධනා පත්‍රය සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.

    රාජ්‍ය අමාත්‍ය ඒ.එල්.එම්. හිස්බුල්ලා, AHTIC සමුළු සභාපති ප්‍රභාත් උක්වත්ත යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.