AIA ඉන්ෂුවරන්ස්, සිය සේවාලාභීන්හට සුවිශේෂී වරප්‍රසාද සහිත ලොවක් විවර කරමින් ‘AIA Exclusive’ හඳුන්වා දෙයි

    November, 20, 2023

    AIA ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම (ග්ලෝබල් බෑන්කින් ඇන්ඩ් ෆිනෑන්ස් රිවිව් 2019,2020, කැපිටල් ෆිනෑන්ස් ඉන්ටර්නැෂනල් 2021,2022 වෙතින් ප්‍රදානය කරන ලදී) සිය වඩාත් ගෞරවනීය සේවාලාභීන් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති ප්‍රමුඛ සාමාජිකත්වය වන 'AIA Exclusive' අභිමානයෙන් යුතුව හදුන්වා දෙයි.  මෙම සුවිශේෂී හඳුන්වාදීම ඔස්සේ පිළිබිඹු වන්නේ AIA ඉන්ෂුවරන්ස්, සිය වටිනා සේවාලාභීන්හට අසමසම සේවාලාභී අත්දැකීම් ලබාදීම වෙනුවෙන් දක්වන්නා වූ කැපවීමයි.

    AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, සිය සේවාලාභීන් කෙන්ද්‍රකොටගෙන සියලු ක්‍රියාකාරකම් සිදු කරයි.  මෙම වැඩසටහන ඔස්සේ සමාගම මත සිය විශ්වාසය තබා ඇති වටිනා සේවාලාභීන් වෙත AIA සිය කැපවීම මෙන්ම කෘතඥතාවයත් පිළිබිඹු කර සිටියි.  ඒ අතරම මේ ඔස්සේ සමාගම සමඟින් එක්ව සිටින ඉහළම තලයේ සේවාලාභීන් සුවිශේෂී වූ මෙන්ම අසමසම සේවාවකට හිමිකම් කියනු ඇති අතර  සියලු ගණුදෙනු සිදු කිරීමේදී ඔවුනට විශේෂිත වූ අත්දැකීම් ලබා දීමද මෙමගින් තහවුරු කෙරෙනු ඇති.

    'AIA Exclusive' ඔස්සේ සේවාලාභීන්හට ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා විශේෂයෙන්ම නිර්මාණය කරන ලද සුවිශේෂී වූ සේවාවන් රැසක් භුක්ති විඳිය හැකිවෙනු ඇත. මෙම සේවාවන් අතර ඔවුන්ගේ රැකවරණ අවශ්‍යතාවයන් පිළිබඳව පුද්ගලික අවධානයක් යොමුකිරීම තහවුරු කිරීම සඳහා  AIA හි විශේෂඥ කණ්ඩායම වෙත පිවිසීමේ ප්‍රමුඛතාවය ඔවුනට ලැබෙනු ඇති අතර ඔවුනට පාරිභෝගික සබඳතා කලමනාකරුවෙකුගේ විශේෂිත සේවාව ලබා ගැනීමේ පහසුව සලසා ඇත.  ඊට අමතරව රෝහල්ගත වීමකදී විශේෂිත සහ විශේෂඥ ප්‍රතිකාර ලැබ සුවපහසුවෙන් නීරෝගී බවට පත්වීමටද මේ ඔස්සේ ඔවුනට අවස්ථාව ලැබේ.  එමෙන්ම ඔවුනට සිය නිවසේ සුවපහසුව සිටිමින් ටෙලි මෙඩිසින් සේවාව ලබා ගැනීමේ ප්‍රමුඛතාවය ඇති අතර වාර්ෂික සෞඛ්‍ය පරීක්ෂණ පැකේජයක්ද ලැබෙනු ඇත. තවද රෝහල්ගතවීමක දී වාහන රථගාල වෙත ගෙනයාමට රියදුරන්ගේ සහය ලැබෙනු ඇති අතර ඔවුන්ගේ සුවපහසුව වෙනුවෙන් තෝරාගත් රෝහල්වලදී විශේෂිත විවේකාගාර සඳහා ප්‍රවේශයද ලබා දී ඇත.  අවශ්‍ය ඖෂධ සඳහා පහසු ප්‍රවේශයක් සහතික කරමින් ඔවුන්ගේ නිවසටම බෙහෙත් බෙදා හැරීමේ පහසුකම ද මේ ඔස්සේ සලසා ඇත.    සිංගප්පූරුවේ Park Hospital හි නේවාසිකව ප්‍රතිකාර ගැනීමක් සිදු වුවහොත්, එම රෝගීන් වෙනුවෙන් රෝහල් සේවාවන් සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් ඔවුනට සිතේ සැනසුම ලඟාකර දෙනු ලබන අතර, ඔවුනගේ සුවතා ගමන්මග හා සම්බන්දව ඔවුනට සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳව මාසිකව දැනුවත් කිරීම්ද ලබාදෙයි.   එමෙන්ම 'AIA Exclusive' සාමාජික සාමාජිකාවන්හට ඔවුනගේ   උපන්දිනය වඩාත් සුවිශේෂී දිනයක් ලෙස සැමරීම වෙනුවෙන් විශේෂයෙන් සකස් කරන ලද උපන්දින රාත්‍රී භෝජන සංග්‍රහ පැකේජයක්ද ලබා දෙනු ඇත.

    'AIA Exclusive' ඔස්සේ පිළිබිඹු වන්නේ සේවාලාභීන් සමඟින් අරුත්බර මෙන්ම දිගුකල් පවත්නා සබඳතාවයක් ගොඩනඟා ගැනීමට AIA හි ඇති කැපවීමයි.  පුළුල් වූ පරාසයක වරප්‍රසාද මෙන්ම ඔවුන් වෙනුවෙන්ම සකස් කරන ලද සුවිශේෂී වූ විශේෂඥ සේවාවන් ලබා දෙමින්, තම මූල්‍යමය අවස්ථාවන් උපරිමයෙන් භුක්ති විඳීමටත් සුවපත්, සැපවත් දිගුකල් ජීවිත ගතකරමින්, විශ්වාසයෙන් යුතුව අනාගත සුරක්ෂිතතාවය අත්පත් කරගැනීමටත් සිය සේවාලාභීන් සවිබල ගැන්වීමට AIA මහත් පරිශ්‍රමයක් දරයි.