AIA ඉන්ෂුවරන්ස්හි විශිෂ්ට අලෙවිකරුවන් 2024 අලෙවි සම්මාන උළෙලේ දී උත්කර්ෂවත් අයුරින් ඇගයේ

    August, 16, 2024

    AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම නොබෝදා සිය වාර්ෂික අලෙවි සම්මාන උළෙල කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ දී අතිඋත්කර්ෂවත් අයුරින් ‘WINGS UP - To Fly Beyond Everest’ යන තේමාව යටතේ මහත් අභිමානයෙන් පවත්වන ලදී.  මහත් උත්සවශ්‍රීයෙන් පවත්වන ලද මෙම උත්සවයේ දී අසමසම කාර්ය සාධනයක් අත්පත් කරගත් ්ෂ් වෙල්ත් ප්ලෑනර්වරුන් ඇගයුමට ලක්වූහ.

    AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චතුරි මුනවීර මහත්මිය, ප්‍රධාන ඒජන්සි නිලධාරී චානක ලියනගේ, සියලු විධායක කමිටු සාමාජිකයින් සහ ජේෂ්ඨ කළමණාකාරීත්ව සාමාජික සාමාජිකයින්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සම්මාන උළෙල සඳහා දිවයින පුරා සිටින විජයග්‍රාහී අලෙවි බලකා සාමාජිකයින් ආරාධනා ලැබ තිබුණි. මෙවර මෙම උළෙල වඩාත් වර්ණවත් වූයේ විශිෂ්ටතම ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ගේ ජයග්‍රහණ භුක්ති විඳීම සඳහා ඔවුන්ගේ දෙමව්පියන්ට ද විශේෂ අවස්ථාවක් ලබා දී තිබූ හෙයිනි.  වෙල්ත්  ප්ලෑනර්වරුන්  ඔවුන්ගේ කළමනාකරුවන්, Three Tier කළමනාකරුවන්, බෙදා හැරීම් එකක ප්‍රධානීන් යන සියලු දෙනා සිය පාරිභෝගිකයින් හට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිත ගත කිරීමට සහය වෙමින් සිදු කරන ලද විශිෂ්ට දායකත්වය වෙනුවෙන් ඔවුන් ඇගයීමට ලක් වූහ.

    මෙවර AIA අලෙවි සම්මාන උළෙල ‘WINGS UP - To Fly Beyond Everest’ යන තේමාව යටතේ පවත්වන ලද අතර එමඟින් AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම විශිෂ්ටත්වයේ  සහ නවෝත්පාදනයේ නව මානයන් කරා ළඟා වීමට දරණ කැපවීම සංකේතවත් කෙරිණි.  මෙරට රක්ෂණ ක්ෂේත්‍රය තුල නොකඩවා තම ස්ථාවරය ඉහළ මට්ටමක පවත්වා ගනිමින් නව මිනුම් දඬු තැබීමට සමත් වූ විජයග්‍රාහී AIA වෙල්ත් ප්ලෑනර්වරුන් මෙම උත්කර්ෂවත් සැන්දෑවේ දී සම්මානනීයව සමරන ලදී.

    මෙවර සම්මාන උළෙලට විශේෂත්වයක් එක්කරමින් AIA ඉන්ෂුවරන්ස් හි හොඳම අලෙවි බලකා සාමාජිකයින් ඇගයුමට ලක්කල ඉරිදා ලංකාදීප පුවත්පතේ පල වූ පුවත්පත් දැන්වීම, ක්ෂේත්‍රයේ ප්‍රථම වරට Augmented Reality (AR) තාක්ෂණය උපයෝගී කරගනිමින්  පල කෙරිණි.  මෙම නව්‍ය පුවත්පත් දැන්වීමෙහි  AIA හි විශිෂ්ටතම ජයග්‍රාහීන්  6 දෙනාගේ පුද්ගලික පණිවුඩයක් AI (කෘතිම බුද්ධිය) තාක්ෂණය ඔස්සේ අසා දැන ගනිමින් පාරිභෝගික ජනතාවට අසමසම වූ නවමු අත්දැකීමක් අත්විඳීමේ  අවස්ථාවක් ලබා දී තිබුණි.

    මෙවර විජයග්‍රාහීන් අතර මහනුවර ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලයේ සංජීවනී සෝමරත්න මෙනවිය හොඳම වෙල්ත් ප්ලෑනර් ලෙස අඛණ්ඩව 4වන වසරටත් සම්මානයෙන් පිදුම් ලැබීය.  කිලිනොච්චි බෙදා හැරීම් ඒකකයේ කේ. පිරන් දෙවන ස්ථානය සහ ගම්පහ බෙදාහැරීම් ඒකකයේ යශෝදා රූපසිංහ මෙනවිය තෙවන ස්ථානය දිනා ගන්නා ලදී.  හොඳම වෙල්ත් ප්ලෑනර්ස් කළමනාකරු ලෙස කොළඹ ප්‍රාදේශීය කාර්යාල 5 හි තුරාජ් අපොන්සු සම්මාන ලබා ගත් අතර දෙවන ස්ථානය මොණරාගල ශාඛාවේ උපුල් ඉන්දික සමරනායක සහ තෙවන ස්ථානය තිස්සමහාරාමය ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලයේ එස්. එන්. අතුකෝරාල දිනා ගන්නා ලදී.

    මීට අමතරව  හොඳම Cluster වෙල්ත් ප්ලෑනර්ස් කළමනාකරු ලෙස පානදුර ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලයේ ක්‍රිෂාන් දසනායක සම්මානයෙන් පිදුම් ලැබූ අතර මොරටුව ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලයේ තක්ෂිලා කෝරළගේ මෙනවිය දෙවන ස්ථානයත් හොරණ ප්‍රාදේශීය කාර්යාල අංක 2 හි චන්දන ප්‍රියන්ත තෙවන ස්ථානයත් දිනා ගත්හ.

    හොඳම Three Tier කළමනාකරු ලෙස මොරටුව ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලයේ ප්‍රියන්තා ඩයස් මහත්මිය සම්මානයෙන් පිදුම් ලද අතර දෙවන ස්ථානය කොළඹ ප්‍රධාන ප්‍රාදේශීය කාර්යාලයේ සිරිමල් පීරිස් සහ තෙවන ස්ථානය මොරටුව ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලයේ රන්සිළු පෙරේරා දිනා ගන්නා ලදී.

    මොරටුව ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලයේ විනොල් ප්‍රියසෙනරත් හොඳම ප්‍රාදේශීය සංවර්ධන කළමනාකරු ලෙස සම්මාන ලැබූ අතර තිස්සමහාරාමය සහ මාතර ප්‍රාදේශීය කාර්යාල දෙකෙහි කළමනාකරු වන දිලීප අමීන්ද්‍ර දෙවන ස්ථානයත්, මාවනැල්ල ප්‍රාදේශීය සංවර්ධන කාර්යාලයේ කළමනාකරු වන වයි. ජී. ජී. බී. යටිගම්මන තෙවන ස්ථානයත් හිමිකර ගත්හ.

    AIA මීගමුව ප්‍රාදේශීය කාර්යාල අංක 01 හි කළමනාකරු වන ඉරේෂ් සිල්වා හොඳම බෙදාහැරීම් ඒකක ප්‍රධානී ලෙස සම්මානයෙන් පිදුම් ලද අතර, කොළඹ ප්‍රාදේශීය කාර්යාල අංක 05 හි සුපුන් අකලංක දෙවන ස්ථානයත් වෙන්නප්පුව බෙදාහැරීම් ඒකකයේ තරිඳු වීරකොන් තෙවන ස්ථානයත් දිනා ගන්නා ලදී.

    2024 AIA වාර්ෂික අලෙවි සමුළුවේ දී පසුගිය වසරේ ජයග්‍රහණ ඇගයීමට ලක් කළා පමණක් නොව ඉදිරි අනාගතයේ දී විශිෂ්ටත්වයට සහ පාරිභෝගික කේන්ද්‍රීය සේවාවන්ට කැපව කටයුතු කිරීම පිළිබඳව ප්‍රතිඥා ලබා දෙන ලදී.