February, 24, 2025
AIKO, ප්‍රකට Bloomberg NEF Tier 1 සෝලා මොඩියුල නිෂ්පාදකයා විසින් සිය ලොව අංක 1 ඉහළ කාර්යක්මතාවයකින් යුතු N-TYPE ABC මොඩියුල ශ්‍රී ලංකාව තුළ දියත් කිරීම පෙබරවාරි මස 7 වන දින කොළඹ මොනාක් ඉම්පීරියල් හිදී සිදුවිය. කලාපීය පුනර්ජනනීය බලශක්ති භාවිතය ප්‍රවර්ධනය කිරීමේ සුවිශේෂ පියවරක් සනිටුහන් කරමින් සිදුකෙරුණු මෙම අවස්ථාව Sunbeam Technologies (Pvt) Ltd සහයෝගයෙන් සංවිධානය කරනු ලැබීය. මෙහිදී දේශීයව AIKO නිෂ්පාදන රටපුරා කාර්ෂමව බෙදාහැරීමේ සහ ජනගත කිරීමේ කාර්යයේ දී Sunbeam Technologies (Pvt) Ltd, සුවිශේෂ පහසුකම් රැසක් සපයනු ලබයි.
ශ්‍රී ලාංකීය තිරසාර බලශක්ති සැළසුම් මෙහෙයුම් කාර්යයේදී අති නවීන සූර්ය බලශක්ති තාක්ෂණයේ ඇති වැදගත්කම අවධාණය කෙරනු අතර, මෙම අවස්ථාව ශ්‍රී ලංකා තිරසාර බලශක්ති අධිකාරියේ (SLSEA) අධ්‍යක්ෂ ජනරාල් ජේ. එම්. අතුල මහතා සහ එම ආයතනයේ ව්‍යාපෘති සම්බන්ධීකරණ නිලධාරි පද්මදේව සමරනායක මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් සිදුවිය. ලාංකීය පෞඪ උරුමය මූර්තිමත් කරමින්, නවෝත්පාදන කාර්ය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමින්, තාක්ෂණික සහ සංස්කෘතික ඉදිරිපත් කිරීම් වලින් සමන්විත වූ මෙම සුවිශේෂ අවස්ථාව, දේශීය තිරසාර බලශක්ති ක්ෂේත්‍රය නව යුගයකට අවතීර්ණ කිරීමක් ලෙස දැක්විය හැකිය.
සූර්ය බලශක්ති කර්මාන්තයේ සුවිශේෂ විශේෂාංග රැසක් සඟින් හඳුන්වා දෙනු ලැබූ AIKO හි N-TYPE ABC මොඩියුලය, උපරිම බලශක්ති ලබාදීම සඳහා වන උසස්ම ABC තාක්ෂණය සමඟින් 27.2% cell කාර්යක්ෂතාවයක් සහ 24.2% මොඩියුල කාර්යක්ෂමතාවයක් සහිතව නිර්මාණය කර ඇත. තවද වීවධ පාරිසරික තත්වයන්ට ගැටළපෙන අයරින් ක්ෂුද්‍රජීවී හෝ වෙනත් හානිවලට ලක් නොවී, විශ්වසනීය දිගු ආයු කාලයක් සහතික කර ඇත. තවද පූර්ණ මෙන්ම අඩු සූර්යාලෝක තත්වයක් යටතේ වුවද ඉහළ කාර්ය සාධයක් පවත්වාගනිමින් වැඩි බලශක්තියක් උත්පාදනය කිරීම මෙන්ම නිෂ්පාදනයේ සම්පූර්ණ ආයු කාලය පුර පරිසර හිතකාමී කාර්යසාධනයක් තහවුරු කිරිම වැනි ඉහළ ගුණාංගයන් රැසකින් මෙම නිෂ්පාදන සමන්විත වේ.
මෙම අවස්ථාව සම්බන්දයෙන් අදහස් දක්වමින් AIKO හි දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ඉම්රාන් අක්‍රම් මහතා, “සූර්ය බලශක්තිය සඳහා ශ්‍රී ලංකාව තුළ ඉහළ හැකියාවක් තිබෙනවා වගේම, මේ කාර්යයේදී AIKO මඟින් හඳුන්වා දෙනු ලැබූ N-TYPE ABC මොඩියුලය, පිරිසිදු සහ පුනර්ජනනීය බලශක්තිය වෙත සංක්‍රමණය වීම බලගැන්වීම සඳහා පුළුල් අවකාශයක් නිර්මාණය කිරීමට සමත්ව තිබෙනවා. එමෙන්ම මෙම නව්‍ය විසඳුම් ශ්‍රී ලාංකීය වෙළෙඳපොළ හඳුන්වා දීම සඳහා Sunbeam Technologies සමඟ හවුල්කාරීත්වයට එළඹීමට හැකිවීම සම්බන්දයෙන් අප අතිශය ආඩම්බර වෙනවා.” යනුවෙන් පැවසීය.
වර්තමානය වන විට ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්ති සංවර්ධන කාර්යය සඳහා ප්‍රමුඛ ස්ථානක් ලබාදෙන බැවින්, ඉහළ කාර්යක්ෂමතාවයකින් හෙබි අති නවීන AIKO මොඩියුල දේශීය වෙළෙදපොළ වෙත පිවිසීම ජාතියේ තිරසාර බලශක්ති ක්ෂේත්‍රයට සැළකිය යුතු දායකත්වයක් ලබාදෙනු ඇත.


Video Story