October, 23, 2015
එයාර් චයිනා ගුවන් සමාගම ලබන ඔක්තෝම්බර් 27 වනදා බෙයිජිං සහ කොළඹ අතර ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානම් වේ.
මේ වනවිට, මෙරටට පැමිණෙන චීන සංචාරකයින් ප්‍රමාණය විශාල ලෙස වර්ධනය වී තිබෙන අතර ඉදිරියේදී වැඩිපුර චීන සංචාරකයින් ලංකාවට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇත.
මේ අනුව, CA873/4 ගුවන් යානය සතියකට තුන්වරක් අඟහාරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා බෙයිජිං සිට එරට වේලාවෙන් පැය 13:30 ගමන් ආරම්භ කර ලංකාවේ වේලාවෙන් පැය 19:10 කොළඹට පැමිණේ.
නැවතත්, මෙරට වේලාවෙන් පැය 21:10 කොළඹින් ගමන් අරඹන මෙම ගුවන් යානය එරට වේලාවෙන් පසුදා 07:00 බෙයිජිං වෙත ළඟාවේ.
මෙම ගුවන් ගමන් ක්‍රියාත්මක වන්නේ Airbus 330-300 ගුවන් යානා භාවිතා කරමිනි.
Video Story