Alumex ප්‍රධාන ප්‍රදර්ශනාගාරය ‘LUMIN Concepts’ නාවලදී විවෘත වේ

    November, 11, 2015

    ගෘහ නිර්මාණාත්මක සහ ඉදිකිරීම් කටයුතුවලදී භාවිතා කළ හැකි පරිදි ජනෙල් හා දොරවල් පද්ධති සඳහා උසස් තත්ත්වයේ, නිර්මාණශීලී ඇලූමිනියම් රාමු නිපදවන ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ඇලූමෙක්ස් (Alumex PLC) පසුගියදා සිය ප්‍රධාන ප්‍රදර්ශනාගාරය ලූමින් කන්සෙප්ට්ස් (Lumin Concepts) නමින් නාවලදී විවෘත කළේ ය. අංක 307, නාවල පාර, නාවල යන ලිපිනයේ පිහිටා ඇති මහල් තුනකින් සමන්විත මෙම ප්‍රදර්ශනාගාරය පාරිභෝගිකයන්ට ඇලූමෙක්ස් නිෂ්පාදන පෙළේ උසස් ප්‍රමිතිය, සුරක්ෂිතතාව, ක්‍රියාකාරීත්වය හා කල්පැවැත්ම ආදී සියල්ල එකම වහලක් යටදී සිත් සේ අත්විඳීමේ හැකියාව ලැඛෙන පරිදි සැලසුම් කර තිබේ.

    “මේ වසර මුලදී අපි ජනෙල් හා දොරවල් සඳහා සුරක්ෂිත, කල් පවතින, උසස් තත්ත්වයේ හා සුවිශේෂී සැලසුම් සහිත නිෂ්පාදන සොයන පාරිභෝගිකයන් වෙනුවෙන් ලූමින් නිෂ්පාදන පෙළ හඳුන්වා දුන්නා. ලූමින් කන්සෙප්ට්ස් විවෘත කිරීමත් සමග අපට දැන් අපගේ පාරිභෝගිකයන්ට මේ නිෂ්පාදන තමන්ට කැමති පරිදි නිදහසේ තෝරාගැනීමේ අවස්ථාව සලසා දීමට හැකිවී තිඛෙනවා.“ ඇලූමෙක්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රොහාන් පීරීස් මහතා පැවසී ය.

    ලූමින් දොර හා ජනෙල් පද්ධතිවල විශේෂත්වය වන්නේ එකිනෙකට වෙනස් නිෂ්පාදන සංයෝග සහ සුරක්ෂිතතා විශේෂාංග එක්තැන් කරමින් පවතින ඉඩකඩින් උපරිම ප්‍රයෝජන ගැනීමේ හැකියාව ලැබන පරිදි ඒවා සැලසුම් කර තිබීමයි. තම කැමැත්ත පරිදි මේවා නිර්මාණය කරවාගත හැකි වීම, සුරක්ෂිතතාව වෙනුවෙන් ඇතුළත් කළ අංග තිබීම, වඩා ඉක්මනින් හා පහසුවෙන් නිෂ්පාදනය කිරීමේ හා සවිකිරීමේ හැකියාව, නඩත්තු වියදමක් නොමැති වීම (වසරකට දෙවරක් වත් ජලය සහ මෘදු ඩිටර්ජන්ට් වර්ගයක් යොදා පිරිසිදු කිරීම හැරුණු විට), සහ සෞන්දර්යාත්මක නිමාව ආදිය මෙහි අනෙකුත් විශේෂ ලක්ෂණ ලෙස හඳුන්වා දිය හැක.

    ලූමින් කන්සෙප්ට්ස් වෙත පියනගන පාරිභෝගිකයන්ට ඇලූමෙක්ස් නිෂ්පාදන අතරින් දැවමය නිමාව (Woodex), පවුඩර් කෝටින් වර්ණ රැස, බ්‍රයිට් ඇනඩයිසින් සහ ලෝකඩ/ස්වභාවික ඇනඩයිසින් නිමාව ආදී වර්ග රැසක් අතරින් තම නිවසට වඩාත්ම හොඳින් ගැළපෙන නිමාවක් සහිත නිෂ්පාදන තෝරාගත හැකි වේ. ඇලූමෙක්ස් වර්ණ පෙළ සඳහා අවම වශයෙන් වසර 10 ක වගකීමක් ලබාදීම එම නිෂ්පාදනවල ප්‍රමිතියට මනා සාක්ෂියකි. එමෙන්ම පාරිභෝගික තෘප්තිය තවත් වැඩිකරනු පි‚ස විශිෂ්ට මට්ටමේ අලෙවියෙන් පසු සේවාවක් ක්‍රියාත්මක කිරීමටද ඇලූමෙක්ස් සමාගම කටයුතු කර තිබේ.

    “පවතින හොඳම තාක්ෂණය භාවිතා කරමින් ජාත්‍යන්තරය ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන ලබාදීම අප කවදත් ප්‍රමුඛත්වය ලබාදෙන දෙයක්. ඒ වගේම තම නිවෙස්වලට වඩාත්ම හොඳින් ගැළපෙන දේවල් තෝරාගැනීමට අපගේ පාරිභෝගිකයන්ට උපකාරී වීමටත් අප සෑමවිටම සූදානම්. ලූමින් කන්සෙප්ට්ස් ප්‍රදර්ශනාගාරයේදී මේ සියල්ල අපට පහසුවෙන් සිදුකළ හැකියි.“ රොහාන් පීරීස් මහතා වැඩිදුරටත් පැවසී ය.

    “ක්ෂේත්‍රයේ පවතින දැඩි ඉල්ලූම නිසි ආකාරයට ග්‍රහණය කරගැනීම සඳහා ඇලූමෙක්ස් නිර්මාණශීලීත්වය මත රඳාපැවතීම අවශ්‍ය වුණා. එහිදී මූලික අවධානය යොමුවුණේ අපගේ පැවති නිෂ්පාදන රැස තවදුරටත් පුළුල් කිරීම සහ නව නිෂ්පාදන හඳුන්වා දීම කෙරෙහියි. කෙසේ වෙතත් ඇලූමෙක්ස් නිර්මාණශීලීත්වය නිෂ්පාදනවලට පමණක් සීමා වන්නේ නැහැ. නිෂ්පාදනවල තත්ත්වය සහ විශ්වාසනීයත්වය ඉහළ නංවන නවීන ක්‍රියාවලි ස්ථාපිත කිරීමත් ඉතාමත් වැදගත්. රටේ සිදුවන යටිතල ව්‍යුහ සංවර්ධනය අනුව දේශීය වෙළඳපොළ ස්ථාවරව දියුණු වනු ඇතැයි කියා අප සිතනවා. ඇලූමෙක්ස් ලූමින් නිෂ්පාදන පෙළ හඳුන්වා දුන්නේ මේ දියුණු වෙමින් පවතින වෙළඳපොළ ග්‍රහණය කරගැනීමටයි.“ හේලීස් සමූහ ව්‍යාපාරයේ සභාපති මොහාන් පණ්ඩිතගේ මහතා පැවසී ය.

    බලපත්‍ර යටතේ ජාත්‍යන්තර සන්නාම දෙකකට අයත් නිෂ්පාදන නිපදවන එකම සමාගම වන්නේ ඇලූමෙක්ස් සමාගමයි. ඉතාලියේ AluK Aluminium දොර හා ජනෙල් පද්ධති සහ නවසීලන්තයේ Fletcher දොර හා ජනෙල් පද්ධති මීට අයත් වන අතර සපුගස්කන්ද ප්‍රදේශයේ පිහිටි සමාගම සතු කර්මාන්තශාලාවේදී මේවා නිපදවනු ලැබේ. නිෂ්පාදනයේදී සෑම විටම ජාත්‍යන්තර නිෂ්පාදකයන් පිළිගන්නා නවීනතම තාක්ෂණය හා උසස්ම ප්‍රමිතිය භාවිතා කිරීමට සමාගම කටයුතු කරයි.

    ඇලූමෙක්ස් හි පවුඩර් කෝටින් ක්‍රමවේදයේ උසස් තත්ත්වය සහ එහිදී භාවිතා වන උසස් තාක්ෂණය වැනි සාධක නිසා එයට ලොව ප්‍රධාන පෙළේ පවුඩර් සැපයුම්කරුවන් වන DGL (Australia & New Zealand, Jotun (World Wide) සහ Akzo Nobel(Global)වැනි සමාගම්වල සහතිකයද හිමිවී තිබේ.

    කල්පැවැත්ම, ආරක්ෂාව, පහසුවෙන් නඩත්තු කළ හැකිවීම සහ උසස් ප්‍රමිතිය ඇතුළු වාසි රැසක් පාරිභෝගිකයන්ට තිළිණ කිරීම කවදත් ලූමින් නිෂ්පාදනවල මූලික ලක්ෂණයයි.

    ඡායාරූප
    1. හේලීස් සමූහ ව්‍යාපාරයේ සභාපති මොහාන් පණ්ඩිතගේ මහතා
    2. ඇලුමෙක්ස් අධ්‍යක්ෂ ප්‍රමුක් දැදිවෙල මහතා
    2. ඇලූමෙක්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රොහාන් පීරීස් මහතා