AMAMI සන්නාමය 2025 CNCI රිදී හා ඉහළම දක්ෂතා සම්මාන දිනයි

    January, 5, 2026

    ප්‍රමුඛ පෙළේ දේශීය සන්නාමයක් වන අමාමි (Amami) සන්නාමය හිමි රන්යන් ඉන්ඩස්ට්‍රීස් (පෞද්) සමාගම 2025 CNCI Achievers සම්මාන උළෙලේදී රිදී සම්මානයෙන් සහ විශිෂ්ටම දක්ෂතා ඇගැයීමේ සම්මානයෙන් (Top Achiever Award) පිදුම් ලැබීය. ලංකා කර්මාන්ත මණ්ඩලය සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය එක් වී සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ සිනමන් ලයිෆ් පරිශ්‍රයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

    රනිල් ද සිල්වා මහතාගේ දූරදර්ශී සංකල්පයකට අනුව ආරම්භ වූ රන්යන් ඉන්ඩස්ට්‍රීස් සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට හෝටල් ක්ෂේත්‍රයට අවශ්‍ය පහසුකම් කට්ටල (Hotel Amenity Kits) දේශීයව නිපදවූ පුරෝගාමියා වේ. වර්තමානයේදී Jetwing, Shangri-La, Ramada, Galle Face Hotel, Galadari, Grand Hotel, Mahaweli Reach, Anantaya වැනි මෙරට සුපිරි හෝටල් රැසක ප්‍රධාන සැපයුම්කරුවකු ලෙස අමාමි සන්නාමය ජාත්‍යන්තර මට්ටමේ විශ්වාසයක් දිනා ඇත. ආයුර්වේද හා ඖෂධීය වටිනාකම් සහිත ෂැම්පු, ෂවර් ජෙල්, සබන් මෙන්ම විවිධ හෝටල් උපාංග රැසක් මොවුන් නිෂ්පාදනය කරන අතර ඒ සඳහා 100%ක් දේශීය අමුද්‍රව්‍ය භාවිත කිරීම සුවිශේෂත්වයකි. වර්තමානයේදී ආයතනයේ දෙවන පරම්පරාව නියෝජනය කරන අධ්‍යක්ෂවරුන් වන හර්ෂල ද සිල්වාගේ සහ රනුක ද සිල්වාගේ මෙහෙයවීමෙන් නවීන තාක්ෂණය හා තිරසාරත්වය ඔස්සේ අමාමි සන්නාමය ජාත්‍යන්තරය කරා ව්‍යාප්ත කරමින් පවතී. දශක හයකට අධික අභිමානවත් ඉතිහාසයක් ඇති රන්යන් ඉන්ඩස්ට්‍රීස් සමාගම ශ්‍රී ලාංකීය කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රගමනයට සුවිශේෂ දායකත්වයක් සපයයි. රන්යන් ඉන්ඩස්ට්‍රීස් සමාගමේ අධ්‍යක්ෂ හර්ෂල ද සිල්වා, අධ්‍යක්ෂ රනුක ද සිල්වා සහ මුදල් හා පරිපාලන කළමනාකරු මධුරංග බොතේජු 2025 CNCI Achievers සම්මාන උළෙලේදී සම්මාන ලැබූ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.